23 April, 2008

ආන්ඩුව සහ හොරු හතලිහ.

එකෝමත් එක කාලෙක ආන්ඩුව කියලා දෙයක් මේ ලෝකෙ තිබුනේ නැතෙයි. මිනිසු ගංගා නිම්නවල ගොවිතැනක් බතක් කරගෙන, පොඩි පොඩි ගෙවල් හදාගෙන තම්යි දවස ගෙව්වේ. උදේට වැඩට යන්න කියලා ඕනැ කමක්කුත් නැතෙයි. බිල් ගෙවන්න ඕනෙත් නැතෙයි. තම්න්ගෙ පාඩුවෙ කුබුරක් කොටාගෙන, හරකෙක් දක්කාගෙන, කාලා බීලා නිස්කලන්කෙ ජීවත් වෙනවා. අනේ, එහෙම්යි කියල ඉන්නහැදුවාට, පාඩුවෙ ඉන්න හැටියක් නැහැ නොවැ. ගොයම පැහෙන කාලෙට, අහල පහල ඉන්න තක්කඩි රැල ගමට ඇවිල්ලා, තගදාලා, බොහොම අමාරුවෙන් වගා කොරපු අස්වැන්න අඩලාගෙන යනවා. අස්වැන්නනම් ගෙනිච්චත් කමක්නැතෙයි කියමුකො. අස්වැන්න විතරක් නෙමෙයි, උස්මහත් වේගෙන එන ගැනු දරුවො ටිකත් උස්සාගෙන යනවා. අනේ ඉතින්, පලවෙනි හොරු රැල ඇවිල්ලා ගියායැයි කියමුකො. තව හොරු රැලක් ඇවිල්ලා ඉතිරි වෙලා තියෙන ටිකත් උස්සාගෙන පල. මොකෝ කවුරු කියලා හොරුන්ගෙන් ගම පරිස්සම් කොරන්නද.

දෙවෙනි කන්නෙ ගොයම් කපන කාලෙට පලවෙනි හොරු රැල එනවා ආයෙත් උන්ගෙ පංගුව අරගෙන යන්න. ඒ එනකොට එක්කෝ මිනිස්සු ගම දාලා ගිහිල්ලා, එහෙමත් නැත්තම් මැරිලා. මේ කෙරුවාව හැමදාම කොරන්න බැහැ නොවැ. හොරැ කල්ලිය, හොරු වුනාට, මෝඩයෝ එහෙම නෙමෙයි. ඒ නිසා මේ තක්කඩි රැල, වෙනත් හොරුන්ට තමන් අඩලාගත්තු ගමට එන්න දෙන්නෙ නැතිව ගම පරිස්සම් කරනවා. වැඩේ දෙන්නටම හොදයි. ගමේ මිනිස්සුන්ට කප්පම් දෙන්න වෙන්නේ එක්කෙනාටයි. හොරුන්ටත් වැඩිපුර කන්න බොන්න හම්බුවෙනවා.

ඔය තක්කඩි රැල කාලා බීලා තර වෙනකොට, ගෙදරට වෙලා හැමදාම අත බැදගෙන ඉදාලා බැහැ නොවැ. දැන් ඉතින් ඔන්න මගෝඩි රැල යනවා, අනිත් හොරුන්ට ගහලා තවත් ගම් දනව් අල්ලාගන්න. ගම් ගොඩක් අල්ලාගත්තු හොරා තම්යි හපනා. හපන් රැලේ නායකයක හොර ගෙඩියාට රජෙකුට වගේ සතුටුයි. රජ්ජෙක් කියලා කිව්වට, ඔය වෙනකම් මිනිස්සුන්ට රජෙක් කියල එකෙක් හිටියේ නැහැ නොවැ. දැන් ඉතින්, ඔන්න බෙලේ මිස්සුන්ට රජේකුත් ඉන්නවා. මිස්සුන්ටත් හරි සතුටුයි. මිනිසු හොර ගෙඩියට “අපේ රජ්ජුරුවන්වහන්සේ” කියලා දන නමස්කාර කොරනවා, කප්පම් ගෙවනවා, ඇහැට කනට පේන ගෑනු දරුවො වාසෙට ගෙනල්ලා දෙනවා. ඒ වෙනුවවට හොර ගෙඩියා, අනිත් හොරුන්ගෙන් රට තොට පරිස්සම් කොරනවා. නිවාඩු පාඩු වෙලාවට, විනෝදෙටත් එක්ක රටේ තොටේ පුරස්නත් විසදනවා. රට තොට බලන්න යනවා. උත්සව පවත්වනවා.

ඔන්න ඉතින් අවුරුදු ගානක දිග කතන්දරේ කොට කොරලා කියනවානම්, කාලයක් කාලයක් යනකොට, රට්ටු එකතු වෙලා, හිත හොඳ චන්ඩියෙක්ව මුරෙන් මුරේ හොර ගෙඩියා විදිහට පත් කොරගන්නවා. සමහරු ඔය හොර මුලේ නායකයට රජ්ජුරුවෝ කියලා කියනවා, තව සමරු අගමැති කියලා කියනවා, තවත් සමහරු ජනාදිපති උන්නාසේ කියලා කියනවා. දැන් ඉතින් හැම දේකටම අලුත් නම්ක්. කප්පම් දෙනවා වෙනුවට, බදු දෙනවා කියලා කියනවා. හොරු මුලේ චන්ඩි රැලට පොලෝසිය කියලා කියනවා. හොර ගෙඩියාගේ සගයන්ට ඇමති උන්නාසේයි කියලා කියනවා. දැන් අපිව පාලනය කරන හොර රැල ඉස්සර තරම්ම නරක නැහැ. ඉදලා හිටලා, ගමේ උදවියටත් හොර මුලට බැදෙන්න දෙනවා. රෑට රෑට ගැනු දරුවො ගෙනිහින්ල්ලා දෙන්න ඕනෙත් නැහැ. පිලිවලට වැඩ. ඔය කොහොම උනත්, පරණ කතාන්දරේ තවමත් එහෙමමයි.

තවමත්, වගින් වගේ නානාප්රකාර නම් කියාගෙන, එක එක චන්ඩි මතුවෙනවා. සමහරු චේගුවේර කාරයෝලු, තව සමහරු, ජාවීපේලූ, තවත් සමහරු කොටිලූ. තව ඉස්සරහට තව මොන මගෝඩි මතුවෙයිද දන්නේ නැහැ. ඔය මොනනම කිව්වත් හැමෝටම ඕනෙ එක දෙයයි. අපි හරි හම්බූ කරනා දේ ඩැහැ ගන්නයි. හිත හොද චන්ඩියාගේ වගකීම මොන දහන්ගැටේ දාලා හරී තමන්ගේ යටත් වැසියන් අනිත් චන්ඩි පිලට යන්න නොදී රැක ගැන්නා එකයි. ඕන් ඔය කෙලියටැයි අපි දේශපාලනය කියන්නෙ.

22 April, 2008

බතට තිත.

ලංකාවෙ හාල් පොල් මිල ඇමරිකාවටත් වඩා වැඩියි නෙවැ. අපියි කියලා කොයි විදිහකට ඔය ගානට හාල් පොල් ගන්නෙයී. ඔය කොහොම උන්ත් ලංකාවෙ අන්ඩුවනම් දෙවියෙක් වගේ. අපි ඉල්ලන ඕනෙ දෙයක් අපිට හනි හනිකට දෙනවා. ලංකාවෙ අපිට දරුවෙක් වදන්න බැහැ, ආන්ඩුවෙන් නොමිලේ වින්නබු වැඩේ කොරන්නේ නැතිව. කොලුවව ඉස්කෝලෙ යවන්න බැහැ, නොමිලේ අධ්‍යපනේ දෙන්නේ නැතිව. ඌට පනුබෙහෙත් දෙන්නෙත් බැහැ, ආන්ඩුවෙන් නොමිලේ පෙති දෙන්නේ නැතිව. දැන් ඉතින් අපිට බත් කන්නත් බැහැ, ලාබෙට ආන්ඩුවෙන් හාල් දෙන්නෙ නැතිව.

ආන්ඩුව කියලත් මොනවා කොරන්නද. ලාබෙට පොහොර දුන්නා. වතුර දුන්නා. වැව් හැදුවා. කොරන්න පුලුවන් හැම දෙයක්ම කොරා, දෙන්න පුලුවන් හැම දෙයක්ම දුන්නා. ඔය මොනවා කොරත්, ඇති ප්රයෝජනයක් නැහැ. ආන්ඩුවය කියලත් හාල් මවන්නද. ඉන්දියාවෙන්, "අනේ අපිට අනුකම්පා කරලා කොරලා, අඩුමිලට හාල් ටිකක් දෙන්න" කියලා ඉල්ලුවා. අපිත් ඉතින් හැම පුර්ස්නෙකටම අඩා දොඩාගෙන යන්නෙ අල්ලපු ගෙදරටනේ. ඉන්දියාවත් ඉතින්, "පවුනෙ, අසරනයනේ" කියලා අපිට උදව් කරනවා. මෙදා සැරේ ඉන්දියාව, පොඩ්ඩක් ඉන්න, අටුවෙ වී තියනවද කියලා බලලා එන්නම් කියලා ගෙට ගියා ගියාමයි ආයෙත් එලියට ආවෙ නැහැ. ඔන්න ඉතින් මෙදා සැරේ ඉන්දියාවෙන් ලාබෙට හාල් නෑ පුතෝ. බුරුමෙන් ගත්තු හාල් ටිකත් ගෙන්නා ගන්න හදිස්සියකට නැවක් හොයාගන්නත් නැහැ. කිසිම වැදගත් කමක් තියෙන රටක් බුරුමයත් එක්ක ගනුදෙනු කරන්න කැමැත්තක් නැහැනොවැ.

මොන දහන් ගැටේ දාලා හරි අපිට ලාබෙට හාල් දුන්නේ නැත්තම් මෙදාපාර ආන්ඩුවත් ඉවරයි. අපිත් ඉවරයි. ගොවියොත් ඉතින් කාඩාහැලිච්ච වැහි කන්දරාවත් එක්ක අඩව් අල්ලලා, කපාගත්තු ගොයම වේලලා ගෙට ගත්තා කියමුකෝ. ආන්ඩුවෙ ගොයියලාත් බලා ඉදලා ඉදලා කියපි, හාල් විකුනන්න කියලා ඒ උන්දෙලා කියනා කියනා ගානට. පාලන මිල කියලා නොවැ ඔය කෙරුවාට කියන්නේ. ඕකට මොනවා කිව්වත් හාල් මෝල් අඩා වැලපෙනවා, සල්ලි දීලා ගත්තු හාල් ආන්ඩුව කියනා කියනා විදිහට ලාබෙට දීලා දාන්නෙ කොහොමද කියලා. අනිත් උදවිය දැන් තුට්ටු දෙකට හාල් ගොවියගෙන් ගන්නවා. මට නම් ඉතින් කාට මොන කෙලිය උනත් කමක් නැහැ මෙදා මුරේ ලාබෙට හාල් ලැබෙනවානම්.

හැබැයි ගොයියෝ නිදහස් වෙලදාම කියන්නේ ඕක නෙමෙයි. අපි ඉස්සෙලාම ගොවියාට සලාක පොතට පොහොර කාරිය දීලා, වගා වියාපාරය විනාස කොලා. අපි හැමදාම ගොවිතැනට අතදරුවෙකුට වගේ කිරි පොවනවා. ඉතින් උන්දැත් කවදාවත් දෙපයින් නැගිටින්න ඉගනගන්නේ නැහැ. හැමදාම ලාබෙට පොහොර, සහනාදාර ඉල්ල ඉල්ලා අඩ අඩා ඉන්නාවා. ඒවා දුන්නේ නැත්තම් මැහි තෙල් බොනවා. මෙදාපාර ගොවියාට හොඳ ගානක් හොයාගන්න මුරේ ආවහම, අපි තග දාලා පලදාව උදුරාගත්තානෙවැ. ගොවිතැන දියුනු කොරනවා කියනනෙ ඕක නෙමෙයි. කොහොම උනත්, මේ කෙරුවාවෙ ප්රතිපල එන්නේ බර කරත්තෙන් ඊලග මුරේ.

දැන් ලෝකෙ හැම තැනම ආහාර අහේනිය. බොහෝමයක් දෙනා ගොවිතැන දාලා ගිහිල්ලා. අනිත් උදවිය, ඉරුඟු වලින් ඩීසල් පෙරනවා. මෙදා පාර තමයි ගොවියන්ටත් රජ වෙන්න පුලුවන් කාලෙ. කොම්පුටර් රැල්ලෙන් සමහර ගොයියෝ සල්ලි හෙව්වාවගේ, ගොවියන්ට ලග ලගදිම වගාවෙන් සල්ලි හොයන්න පුලුවන්. ඒ නිසා පුලුවන් කමක් තියෙන උදවිය, තියෙන දේපලක් උගස් තියලා, සිංහලේ පැත්තේ වගාවක් කෙරුවට පාඩුවක් නැහැ. ඒත් ඉතින් කවුද ඕහොමයි කියල තව දුරටත් වගා කොරන්න කැමති, ආන්ඩුව තග දාලා අස්වැන්න අඩලා ගන්නකොට. ඔය යන විදිහට ගියොත්, පොලවත් එක්ක හැප්පෙනවට වඩා හොදයි, තියෙන දෙයක් විකුනලා, ජීවන් මහත්තයාට ලක්ෂ දහයක් හමාරක් දීලා, කොහොම හරි ඇලෙස්කාවට ගිහිල්ලා මාලු ෆැක්ටරියක රස්සා කොරන එක.

20 April, 2008

බත් කෑම, ගොවිතැන සහ බුරුමය.

අපේ උන්දෙලා වී වගාව ගැන කෑමොර ගහන්නේ මම දන්නා කාලේ ඉදලා. වී වගාව ගැන කවුරු කාතාවක් පටන් ගත්තත්, අදෝ වැඩියාවකින් තමයි කෙලවර වෙන්නේ. එක්කෝ යල මහ දෙකටම වතුර නැහැ, එහෙම නැත්තම් ගොයම පෑහෙන කාලයට අනෝරාවට වැස්ස, එහෙම්ත් නැත්තම් ගෙටගත්තු වී ටික විකුනාගන්න බෑ. පොහොර ගහන්න සල්ලි නෑ. බිත්තර වී නෑ. කරදර වල කෙලවරක් නැහැ.

කොහොම කොහොම හරි ඔය පුර්ස්නත් විසදගෙන අන්තිමටම හාල් ටික කුබුරෙන් සතොසට ආවයි කියමුකො. අපේ නැන්දා හාල් ගන්නැයි කියලා ගියාම, ගෙදර ඇවිල්ලා අලුත් අඳෝ වැඩියාවකින් තම්යි ඉවර වෙන්නේ. උන්දැ කියනා විදිහට, මේ යන විදිහට හාල් ගනන් ගියොත් ලගදිම අපිට පස් තමයිලු කන්න වෙන්නේ.
මටනම් පස් උනත් කමක් නැහැ, හොදට ලුනු මිරිස් දාලා උයලා තියනවානම්. එහෙමයි කිව්වහම නැන්දාට තද වෙනවා.
“ඔව් ඉතින්, තම්බල දෙනවනම් පස් උනත් කයි තමයි.” කියලා නැන්දා මල්ලත් අරගෙන රෑට උයන්න කුස්සියට යනවා. ඔන්න ඉතින් නැන්දා පැයක් හමාරක් හාල් ගරලා බත ඉව්වාය කියමුකො. ගල් හපාගන්නේ නැතිව බත කන එක තමයි ඊලග කෙරුවාව.

ලංකාවෙ හාල් පොල් ඇමරිකාවට වඩා ගනන්. ඒ ම්දිවට හන්දියෙ කඩේ පාන් රාත්තලකුත් රුපියල් සීයක්. ඇමෙරිකාවෙ පාන් රාත්තල සත හැත්තැපහකට විතර ගන්න පුලුවන්. ඒ කියන්නෙ රුපියල් වලින්නම්, රුපියල් හැත්තැහතකට විතර. මේ යන විදිහට ගියොත් නැන්දා කියන විදිහට අපිට පස් තමයි කන්න වෙන්නේ. ඇමරිකාවෙ පොල් කිරි ටින්කක් සත අසුවයි. පොල්ගෙඩි දෙකක විතර කිරි පදමට තියෙනවා. පොල් බිදින්න, පොල් ගාන්න, මිරිකන්න කිසිදෙයක් ඕනැ නැහැ. අබරං උන්දැගෙ කඩේ පොල්ගෙඩියක් රුපියල් පනහක්. ඒ මදිවට, ඒක පුවක් ගෙඩියකට වඩා පොඩ්ඩයි ලොකු. රුපියල් පනහකට ඉන්දියාවෙ රතුළුනු පොහොර ගෝනියකින් එකක් හම්බු වෙනවා. මල්ල සයිකලේ පස්සෙ බැදගෙන තම්යි ගෙදර එන්නේ. ලංකාවෙ ළුනු කිලෝ එකක් ඒගානට ගන්නත් බැහැ නොවැ. රුපියල් පනහක් අරගෙන සිකුරාදා පොලට ගියොත් සිලිං මල්ලකට ළුනු බාගයක් අරගන තමයි ගෙදර එන්නෙ.

ඔය අව්ව අස්සෙ අපිට ඇති තරම් හාල් ලංකාවෙ ඇත්තෙත් නැහැ. දැන් කන ටිකත් රටින් තම්යි ගෙන්නන්නේ. ඉන්දියාවෙ හාල් අපනයන සපුරා තහනම්. වියට්නාමයේ, මැලේසියාවෙ කුබුරුවලට හාමුදාවෙන් මුර දාලා තමයි ගොයම රකින්නේ. හාල් ගෙනියන්නෙ හමුදා වාහන එක්ක. සමහර රටවල හාල් පොල් නැහැ කියලා මිනිස්සු පාරට බැහැලා, ආන්ඩු ගෙදර යවලා. ලෝකෙ හැම තැනම හාල් පොල් පුරස්න. ඕක ඔහොම වෙනවා කියලා සමහරු කාලෙකට ඉස්සෙල්ලා කිව්වා. අපිනම් ඕවා ගනන් ගත්තෙ නැහැ නොවැ.

දැන් අපි බුරුමෙන් හාල් නැව එනකම් බලාගෙන ඉන්නවා. බුරුමෙන් අපිට හාල් විකිනුවාට, බුරුමේ මිනිස්සුන්ට කන්න හාල් නැහැ. බුරුම හමුදා ආංඩුව මිනිසුන්ව වැඩ කදවුරු වලට දාලා බලෙන් වැඩ ගන්නේ. එහෙ මිනිස්සු ලව්වා බලෙන් වවාගන්නා හාල්, හමුදා ආන්ඩුව අපිට විකුනනවා. බුරුමේ මිනිස්සු බඩගින්නෙ ඉන්නවා. ඊයෙ පෙරේද අනේ අපොයි කියලා බුරුම හාමුදුරු ගොල්ලන්ගේ ඔලු පැලුවෙත් බුරුමෙ හමුදා රජයෙන් නොවැ. බුරුමෙත් එක්ක හැදියවක් තියන කිසිම රටක් ගනු දෙනු කරන්න කැමති නැහැ. අපිට කන්න ලාබෙට හාල් හම්බු වෙනවානම්, අපිටනම් ඒ ගැන කිසිම පුරස්නය නැහැ. හාමුදුරුවරුන්ගේ නෙමෙයි, බුදු හාමූදුරුවන්ගේ ඔලුව පැලුවත් අපිට මොටැ.

ලංකාවේ දැන් වපුරන හාල් ටිකත් වපුරන්නේ බතලේගොඩ වී පර්යේශන ආයතනයට පින්සිද්දා වෙන්න. අපි කන බත් කටක් කටක් ගානේ අපි උන්දෙලට පින්දෙන්න ඕන. උන්දෙල වී මුහුම් කරලා අලුතෙන් වී වර්ග හැදැවේ නැත්තම් අපිට මේ කන හාල් ටිකත් නැහැ නොවැයි. කිරි සම්බා (බීජී 360) එක්ක පොල් සම්බෝලතරම් රස කැමක් අම්මපා ලෝකෙ වෙන කොහෙවත්ම නෑ. ඒ කොහොම උනත් සමහරුන්ට බතලේගොඩ කෙරුවාව අරහං. උන්දෙලා කියනවා, අපේ පැරණි වී වර්ග ඔයිට හොඳයි කියලා. අනේ අපොයි, බඩ පිරුනහම අපේ මිනිස්සුත් සුද්දො වගේ දොඩවන හැටි. තවත් සමහරු තෙල් බෙහෙත් ගහනවට විරුද්දයි. ඔය ගැන වැඩිපුර කැකෝගන්නේ සිංහලයැයි කියාගන්නා උන්දෙලා තමයි.

කෑම තෝරාබේරාගෙන කෑමේ සැපත ලෝකෙ බොහොම දෙනකුට නැහැ. අක්කර කාලකින් දෙලොස් දෙනකුගෙ බඩපුරවන ගොවියෙකුට ඕවා විහිලු කතා. මුහුන්කල වී නැත්තම්, තෙල් බෙහෙත් නැත්තම්, අපි කාගෙ කාගෙත් බත් මුට්ටි හිස්.

මේ යන විදිහට, මුහුන්කල වී වර්ග විතරක් අපිට මදී. වරිගේ (ජාන) වැඩිදියුනු කරපු වී වර්ග හෙට අනිද්දාම අපිට ඕන වෙනවා. කොයි දවසක් කියලා අපි බුරුමෙන් වී ගේන්නද? ඒ උනාට අපේ අයට ඕවා අරහං. උන්දෙලා රූපවාහිනියෙ වරිග (ජාන) වැඩිදියුනුවට විරුද්දව දෙකයි හතරෙ කතාන්දර දෙසාබානවා. උන්දෙලට මොටැ, උන්දෙලාගෙ බඩ පිරිලා නොවැතියෙන්නේ. ඒ අතරේ ඉංදියාව, පාකිස්තානය වරිග දියුනු කරලා ගජ ලාබෙට අල ළුනු විකුනනවා.

තෙල් බෙහෙත් නැතිව, මුහුන් කල බෝග නැතිව, වරිග දියුනු කල බෝග නැතිව, හාල් එළවලු ගන්න තියනවානම් හොදයි තම්යි තමා. ඒවා, ශරීරයට හොදයි තමා. ලෙඩ රෝග අඩුයි තමයි. ඒ උනාට බඩගින්න හැම ලෙඩකටම වඩා ලොකුයි. ලංකාවෙ පොඩ්ඩෝ සීයට හැටකට මන්දපෝශනේ. අපි බුරුමෙන් හාල් නැව එනකම් දත මැදගෙන ඉන්නවා. හදිස්සියේ හරි බුරුමේ අසරන මිනුස්සුන්ට මිනිස්සුන්ට නිදහස ලැබුනොතින්, අපි බත් කාලා ඉවරයි. අපේ හෙට කන නොකන වගෙ තීරනේ කොරන්නේ බතලේගොඩ වී පර්යේශන ආයතනයි. උන්දෙලා වරිග වැඩිදියුනු කරලා, අලුත් වී වර්ග හැදුවේ නැත්තම් ඕන් ඉතින් ගොය්යෝ අපි කාට කාටත් බත් නෙවෙයි, පස් තම්යි කන්න වෙන්නෙ.

18 April, 2008

ඔලිම්පික් කෙලිය.

ඔන්න බොලං මේ පාර ඔලිම්පික් කෙලින්නේ චීනේ. චීන්නුන්ට හරි සතුටුයි. බාල කෙලීගෙ පොඩි එකී ශිෂ්‍යත්වෙ සමර්ථ වුනා වගේ. මේ දවස් වල චීන්නු ඔලිම්පික් පන්දම අරගෙන ලෝකෙ පුරා දුවනවා.

ඒ කොහොම උනට අනිත් උදවියටනම් චීනයේ කලකිරියාව ගැන වැඩි පැහැදීමක් නැහැ නොවැයී. පරිසර දුශනේ. මද්දහනෙත් මී දුම. මී දුම කීවාට මීදුම නෙවෙයි, කළු දුම. කොල්ලො කෙල්ලො නහය වහගෙන ගම හරහා දුවන්නයි ලැස්තිය. කොහොම උනත් මේක ඔලිම්පික් කෙලිය නොවැ. ඕක හඳේ කෙලියත් දුවන උන්දෙලා දුවාවි.

පන්දම අරගෙන ලෝකේ වටේ කරක්ගහන කෙරුවාව ඉස් ඉස්සෙල්ලාම පටන් ගත්තෙ හිට්ලර් ගොය්යා, ඔලිම්පික් කෙලිය ජර්මනියෙ තියපු වතාවෙ. මේ පාර පන්දම යන හැම පාරෙම ගිනිගොඩයි. ගිනියි කියලා කිව්වාට පන්දමේ ගිනි එහෙම නෙවෙයි, මිනිස්සුන්ගේ ගින්දරයි.

පන්දම හාහාපුරා කියලා ගියේ ලංඩන් නුවරට. චීන රහස් පොලිසිය පන්දම වටකරගෙන, ධාවකයාව ගොන් හරකෙක් වගේ පාර දිගේ දක්කාගෙන යනවා. ධාවකයාත් දැක්කෙනවා. නවතින්න කිව්වහම නවතිනවා, හය්යෙන් පල කීවාම දුවනවා. නැගපන් කීවාම නගිනවා. හැන්ගියන් කීවාම හැන්ගෙනවා. පාර දෙපැත්තෙම උද්ගෝශනේ. එක පැත්තක උදවිය පන්දම නිවන්න ලක ලැස්තිය. ඒ උන්දෙලා චීනේත් එක්ක ආරවුල්, ටිබෙට් රට බලෙන් අල්ලාගත්තාට. තවත් සමහරු මානව හිමිකම් ගැන කලකිරිලා.

ඔය කෙරුවාව එංගලන්තෙන් නැවතුනෙ නැතැයී. පැරිසියෙදි වැඩේ දෙකයි. පන්දම නිවල, ගුටි කෙලලා, හරියට පිටකොටුවෙ උද්ගෝශනයක් වගෙයි. ඔවා ගැන, චීනෙ මිනිස්සු කිසි දෙයක් දන්නේ නැහැ. දැන ගන්න කවුරු හරි කියන්න එපායැ. මෙකෝ චිනේ කටක් ඇරලා යමක් කියන්න පුලුවන් රටක්යැ. ඉන්ටර්නෙට්වලටත් කඩුල්ල දාල නොවැ තියෙන්නේ. කවුදැයි හිරේ යන්න කැමති. ඒ මදිවට යුද්ද ටැංකිවලින් යටකරොල කොල්ලො කෙල්ලො තැලුවෙ කූබි වගේ වැඩි ඈතක නෙවෙයි නොවැ.

ඊලගට ඕං පන්දම ගියේ ඇමරිකාවට. එහේත් එක සෙල්ලමයි. පන්දම එක්ක හොරා පොලිස්. මිනිස්සු එනකොට පන්දම හංගනවා. හැතැම්ම ගානකට එහයින් පන්දම මතුවෙනවා. ඕං මිනිස්සු දනි පනි ගාලා ආයෙත් පන්දම තියන තැනට ගියැයි කියමුකෝ. එතකොට ආයෙති පන්දම හංගපි. ඔය කෙරුවාව බලං ඉන්නකොට මට අනේ මොකටයි කියලා හිතුනා.

ඔය ගිනිඅවිව අස්සේ ටිබෙට් රටෙත් උද්ගෝෂණේ. දළෙය් ලාමා උන්නාසෙ කියනව, තුවක්කුවෙන් නෙම්යි, කරුණාවෙන් මිනිස්සුන්ට සලකන්න කියලා. ඔය කිව්වාට, කරුණා සමාධිය කියනාදේ සාමාජවාදි ලොක්කන්ට තේරෙන කෙරුවාවක් නොවෙයි නොවැ. උන්නාසෙගෙ මජ්ජම ප්‍රතිපදාව ගැන ටිබෙට් මිනිස්සුන්ට දැන් වැඩි පැහැට්දිමක් නැනිවා වගෙයි. මජ්ජම ප්‍රතිපදාවයැය් කියලා මිනිස්සුත් කොයි දවසක් බලා ඉන්නද. මිනිස්සු උද්ගොෂණේ. උද්ගෝෂණ කොරපු උන්ට මහජන චිනයෙන් ගජරාමෙට නෙලලා. මදිපාඩුවට සීයක් හමාරක් විතර මරලා. ආයෙත් කෑගහුවොත් කිසිම සමාවක් නැතිව කට කඩනවා කියල්ල ටිබෙටයේ චීන ආංඩුකාර උන්නාන්සෙ කීවෙ නැතැයි.

ටිබෙට් උන්දෙලා කියනවා, චින රහස් පොලීසිය, සිවුරු පොරෝගෙන උද්ගෝෂණ මැදට පැනලා, කෝලහාල රඟාපාලා, ඒවා ලෝකයාට පෙන්නනාවා කියල්ලා. කොහොම උනත් දළෙයි ලාමා උන්නාස්සෙත්, තනි මිනිහා උනාට චීනයත් එක්ක හැප්පෙනවා. චිනෙට උන්දැව අරහං. උන්නාසෙව කිසිම රටකට වැස්සකටවත් වැද්දගන්න එපායැයි කියලා චිනෙන් තහංචි දාලයි තියෙන්නේ.

උන්නාසෙ අවුරැදු ගානක් තිස්සෙ නුවර දලඳා මාලිගාව වැදපුදාගන්න එන්න ඉල්ලනවා. ඒ වුනාට අපි මොකටැයි උන්දැව ලංකාවට වැද්දැගන්නේ. උන්දැ හිතන්න ඇති ලංකාව බෞධ්ධ රටක්ය කියල උන්දැට හිතෙන හිතෙන හැටියට වන්දනාවෙ එන්න. අපි දෙයි උන්දැට වීසා.

ඕවා ඕවා කොහොම උනත්, පන්දම තවමත් රට රාජ්ජ ගානේ යනවා. හැම රටකම දැන් තද බල නීතී. උද්ගෝශන සපුරා තහනම්. උද්ගෝශන කරන අයට නෙලන්න පොලීසියෙන් ලැසිති වෙලයි ඉන්නේ. අනේ අනිච්චන්. ඔලිම්පික් කෙලියටත් ගිය කලක්.

15 April, 2008

සිංහල වියාකරණ මොටැයි?

සිංහලෙන් බ්ලොග් ලියන හැමෝගම චාරිත්‍රයක් තමයි සිංහල වියාකරණ ගැන කතා කිරීම. ඔකගැන ලිව්වෙ නැත්තම් හරියට මලු පාන් කාලා, තේකක් බිව්වෙ නැතිවා වාගේ.

ව්යකරණ කීවහම මට මතක් වෙන්නේ අපේ ඉස්කෝලේ සිංහල ගුරුතුමියයි, උන්දැගෙ වේවැලයි, උන්දැගේ පස්සට කරලා බැදපු කොන්ඩෙයි. මම හිතනා අකාරයට උන්දැගේ අරමුණ උනේ සියලු දෙනටම සිංහල වියාකරණ එපා කිරිමයී. අපි හිතාගෙන උන්නේ වියාකරණ කියන්නේ මහා දඩුවමක් කියලයි. පාසලෙන් ඉවත් වීම ජීවිතයේ ලොකුම සැපතක්. තවදුරටත් වියාකරණ සමග හරබ කරන්න ඔනැ නැහැ. ගුටිකන්න ඔනේ නැහැ. ගිනි අව්වෙ හිටගෙන ඉන්න ඔනේ නැහැ. ඔන් ඉතින් මමත් වියාකරණ සහ ඒ හා බැදුනු ගුටි සහ දඩුවම් සියලු දේ අමතක කරලා දැමුවා. එදා ඉදන් අද වෙනකම් මට කිසිම වියාකරණ පුරස්නයක් ඇතිවුනේ නැහැ. අපේ සිංහල ගුරුතුමීට ජය. මම උන්දැගෙන් ඉගනගත්තු වියාකරණයක් නැහැ.

වියාකරණ නොමැතිව කිසිම භාශාවක් හරබ කරන්න බැහැ. අපි හැමෝම යම් තරමකට වියාකරණ බාවිතා කරනවා. වචන පිලිවලකට ලියනවා. කිරියා පදේ අගට යොදනවා. ඒ වුනාට සමහරුන්ට පුරස්න. වියාකරණ පාවිච්ච්ය මදි. මම හිතන්නේ ඒ අය අපේ සිංහල ගුරුතුමිගේ යහපත් ගෝලයෝ. ඒ උදවිය වේවැලක් අරගෙන දැන් අපිට තලන්න බලාගෙන ඉන්නවා. උන්දෙලාට හරහට හිටලා තියෙන්නේ, වියාකරණ උන්දලාගේ බුදලයක් නෙමෙයි.

බාසාව හරියට බත් පිගානක් වගේ. අපි කන දේ තමයි ඒකේ තියෙන්නේ. කවුරු කොහොම කිව්වත්, මගේ බත් පිගානට කාටවත් හැමදාම බලෙන් බත් බෙදන්න බැහැ. පරිප්පු ලාබ නිසා අපි හැමෝම පරිප්පු කනවා. තලප කන යකෙක් දැන් බෙහෙතකට හොයාගන්නත් නැහැ. වියාකරණ නොමැතිව අපිට ලියන්න කියන්න පුලුවන්නම්, බලෙන් වියාකරණ පරිස්සම් කරන්න බැහැ. බලෙන් තලප කවන්නත් බැහැ.

ඒ කොහොම කිව්වත් දියවැඩ්යාව තියන උන්දෙලා තලප කනවා. වියාකරණ උවමනා උන්දෙලා වියාකරණ පාව්ච්චි කොරනවා. ඒ අය එහෙම කරන්නෙ වියාකරණ ගැන තියෙනා කැක්කුමකට නෙවෙයි. ඒක අත්‍යවශයය නිසයි. එහෙමත් උදවිය ඉන්නවාද?

ඉන්නවා නේන්නම්. එගොල්ලො නවකතා ලියන අයවත්, පත්තරේට ලියන අයවත්, ප්‍රවෘති කියවන උදවියවත් නෙමෙයි. කලා විෂයන් හදාරන අයවත් නෙම්යි. බ්ලොග් ලියන අයවත් නෙමෙයි. අපි ඔක්කොටම ගජරාමෙට වියාකරණ හරබ නැතිව ලියන්න කියන්න පුලුවන්, පහදන්න පුලුවන්. බනින්න පුලුවන්. සින්දු ලියන්නත් පුලුවන්, කියන්නත් පුලුවන්. ගැණුළමයට ලියුම් ලියන්නත් පුලුවන්. එහෙනම් වියාකරණ කුමැටැ?

වියාකරණ නැතිව කරන්න බැරි එක දෙයක් තියනවා. වියාකරණ නැතිව නැතිව කිසිම මනු නීතියක් ලියන්නවත්, කියන්නවත්, පහදන්නවත් බැහැ. උසාවිය පවතින්නේ නිවරදිව අදහස් ලිවීම සහ නැවත නිවරදිව පැහදිම මතයි. උසාවියේ නීතී රීතී වල තේරුම පුද්ගලයාගෙන් පුද්ගලයාටවත්, කාලයෙන් කාලයටවත් වෙනස්වෙන්න බැහැ නොවැ. ඒ කාරනය සදහා උසාවියට නිවරදි වියාකරණ අත්‍යවශයයි. උසවිය සිංහල බාසාවෙන් නීතී රීති ලියන කියනකම් සිංහල වියාකරණ රැකෙයි. එහෙම නැති දාට, අපිට තදබල වියාකරණ නීතී පාවිච්චි කරන්න හේතුවක් නැහැ. තේරුමකුත් නැහැ. ඕනැම භාශාවක වියාකරණ රැකෙන්නේ හන්දියේ කඩේවත්, නාන ලිද ලඟවත්, ඉජිනේරැ විද්‍යලයේවත් නෙවෙයි. දියවැඩියව නැති අයට බලෙන් තලප කවන්න බැහැ. වියාකරණ රැක ගන්න ඔනෙනම්, ඒක කරන්න පුලුවන් උසාවියෙයි. සහිත්‍ය පොත්වල නෙම්යි, නීති පොත් වලයි.

බ්ලොග් ලියන උන්දෙලට නිදහස්ව ඉක්මනට ලියන්න කියන්නයි ඔනේ. අදහස් කියන හරහට අනවශ්‍ය වියාකරණ හරස් කරගන්නා එක හරි ලොකු වදයක්. ඒවගේම අවශ්‍ය වියාකරණ නැතිකමත් කරදරයක්.

සිංහල වියාකරණ ඇත්තේ අදහස් කියුමට විනා, අදහස් ඇත්තේ වියාකරණ කියුමට නොවේ. වියාකරණ වැරදි දුසිමක් සමග රසවත් අදහසක්, සම්පුර්ණ වියාකරණ සමඟ දියාරු අදහස් දුසිමකට වඩා වටි.

ඔන්න බොලේ මමත් සිංහලෙන් ලිව්වෙ නැතැයි.

ඔන්න ඉතින් මමත් සිංහලෙන් ලියන්න පුලුවන්ද කියල බැලුවා. හිතපු තරම් අමාරු නැහැ නොවැ. ආනන්දවර්ධනගෙ හොරකම් කරපු බ්ලොග් පිටුව කියවනකන්, “යුනිකෝඩ් එසැණින් පරිවර්තකය” ගැන දැනගෙන හිටියෙ නැහැ. සිංහලෙන් ස්තුති කරන්න එක ලේසි වැඩක් නෙවෙයි. ස්තුතිය් කියලා කියල විතරක් අපිට මදි. ඒනිසා අපේ නැන්දා කියනවා වගේ "අනේ ආනන්දවර්ධන, මේ කරපු උදව්වට ඔයාට කොහොම ස්තුති කරන්නද දන්නෙ නැහැ.." කියල ආනන්දවර්ධනට ස්තුති කරල ඉන්න ඔනේ ඔක්කොටම ඉස්සෙල්ලා. මම “අපේ නැන්දා” කියලා කිව්වට, ඒ ආනන්දවර්ධනගේ නැන්ද එහේම නම් නෙමෙයි. සිංහලෙන් කතා කරනකොට අපි හැමදේකටම "අපේ" නැත්තම් "අපි" කියල තමයි කියන්නේ. “මගේ නැන්දා”, හරි “මගේ මාමා” කියලා කියන්නේ නැහැ නොවැ. ඒවුනාට "අපේ කාර් එක හරි අපේ බත් පිගාන කියලානම් කියන්නෙ නැහැ කීයටවත්. එතකොට ඉතින් මගේ බත් පිගාන හරි මගේ කර් එක තමයි.

අපේ මාමා දවසක් කියනවා "අපේ ගෑනී එක්ක කිසි දෙයක් කරන්න බැහැ, මේ ගෑනී කියන කිසි දෙයක් අහනේ නැහැනේ" කියලා. මාමා අපේ ගෑනී කියලා කිව්වට, ඔන්න ඉතින් නැන්දා “අපේ ගෑනී” නම් නෙමෙයි. එහෙම දෙයක් ඉංගිරිසියෙන් එහෙම කිව්වොතින් ඉතින් ලොකු කුනුහරුපයක් තමයි.

අපි සිංහලෙන් පුද්ගලයෙක් ගැන කියනකොට මොන කෙහෙල්මලකට "අපේ" කියල කියනවද කියල මම දන්නේ නැහැ. "අපේ" කියලා කියනකොට, මම හැර තවත් අය ඉන්නවා කියලා ඉගියක් නම් තියනවා. මම හිතන්නේ හදිස්යකට වලියකට එහෙම ලැස්තිවෙලා ඉන්නවානම්, ගොඩක් උදවිය ඉන්නබව වේලාසනින්ම ඉගිකරලා තියන එක ශරිරයට හොදයි. කොහොම උනත් අපේ කියලා කිව්වහම පොඩි ලෙන්ගතු කමක්නම් තියනවානම් තමයි. ඒ හැරුනහම වෙන කිසිම තේරුමක් නම් තියන යෙදුමක් නෙමෙයි.

ඒ කොහොම උනත් අපේ නැන්දානම් සිංහලෙන් බ්ලොග් කියවන්නේ නම් නැහැ. සිංහලෙන් තියා ඉංගිරිසියෙන්වත් බ්ලොග් කියවන්නේ නැහැ. බ්ලොග් කියවනවා තියා ඉන්ට්නෙට් දකින්නේවත් නැහැ. දකිනවා තියා දකින කෙනෙකුට දකින්න දෙන්නේත් නැහැ. උන්දැ හිතගෙන ඉන්නේ ඉන්ට්නෙට් කියන්නේ මහා කුනුහරුප යන්ත්‍රයක් කියල. උන්දැ ඉන්ට්නෙට් එකෙන් ළමයි පරිස්සම් කරන්නේ හරියට කුකුළන්ගෙන් වී පැදුර පරිස්සම් කරනවා වගේයි. අපේ නැන්දා විතරක් නෙම්යි ලංකාවෙ වැඩිහිටි කවුරු කවුරුත් එහෙම තමයි. අලුත් අලුත් දේවලට අපි කොහොමත් බයයි. දවසක් කොල්ලා ඉන්ටෙර්නෙට් කාඩ් එකක් ගෙනල්ලා, ගෙදර උන්දැ අපේ ගෙදරට අඩා ගෙන එනවා හරියට කෙල්ල බඩදරු වෙලා වගේ. කොල්ලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මොනවා බලයිද කියල බයවෙලා. කොල්ලාගේ පාසළ් මල්ලේ ඔයිට ඉස්සෙල්ලා CD එකක් තිබිලා අහුවෙලා ගුරුවරයා හොදටම නෙළලා, දෙමව්පියෝ ගෙන්නලා ඉන්ටනෙට් එකේ අයහපත්කම ගැන අවවාදත් දිලා. ඒ මදිවට කොල්ලා දැන් ඉන්ටනෙට් ගොහින් චැට් කොරලා. උන්දැ මගෙන් අහනවා මොකද කොරන්නේ කියලා. අනේ ඉතින් මමයි කියල මක්කා කියන්නද?

06 April, 2008

Ceylon Post Cards – Topless Rodiya Girl

Rodiya Woman - Ceylon Topless Girl Post Card Rodiya Woman

I quite like this postcard. Printed in early 19s. My guess is most probably between 1900 – 1910. Printed by The Colombo Apothecaries Co. Ltd and product number is 36. I don’t know if that company still exists. But there is good collection of color postcards by them out there. Most of them are black and white photographs, hand painted in color, and then Lithographed. So does this card. Most probably Lithographed in Europe.

I quite like the cloth this girl is wearing, or not. She looks very confident and lovely. I don’t know if those colors are real or not, if not, artist has picked very good matching colors for her cloths and jewelry. This card is not very difficult to find, in color and black & white version. Value is between 30$ - 40$. I purchased this from a UK seller, which is always the best place to find Ceylon postcards.

04 April, 2008

Prabhakaran the Movie, Ramayana the Comic Book, and Sri Lankans the Losers

We Sri Lankan are losers. I don’t know why we are, but my closest guess is we are too lazy to win anything as a nation. And then again, I don’t know what cause our laziness. Some may say it is the rice we eat or the plain tea we drink. May be it is not. May be it is something to do with our genetics. If you are one of those people who go to your aunt’s house to see your girlfriend, I apologies, I don’t mean to disrespect you. But the truth had to be said. Inbreeding is not a good thing. When you see a picture of Prince Charles, you should have recognize inbreeding do not create good output, before you start daiting your aunt’s daughter, generally known as your cousin sister. Nevertheless, our genes can’t be the only explanation to our laziness. I think it have more to do with we our exceptional talent in freeloading.

We start ourselves by freeloading on India’s freedom struggle. We didn’t “won” our freedom, like most of Sri Lankan teaches wrongly inform their pupils. Freedom was “given”. So here we are, Democratic Socialist Republic of Sri Lanka. Now we can’t go to university without tutoring for free, or have a child without delivering it for free, or have a cow without giving it for free. While we are the people freeloaded on our government, they annually freeloads on numerous donor countries. This whole chain of freeloading turned us in to an incompetent vagabond, wonder house to house, pleading for help, telling tsunami stories and bullied by neighborhood bullies, such as India.

India never enjoyed Sri Lanka that much. If you do not agree with me, talk to any middle class Indian gentlemen, in India. They may say something like, “oh. Verrry good my good frrriend, now Srrri Lanka also have computerrrs eh? You got those frrrom Indian aid?”.

If you don’t have luxury of excellent health to visit India, I strongly suggest you to read one of their comic books, such as historical comic book, call Ramayana. Indian comics are all together interesting. There are superheroes like Monkey Man, Elephant Man, Blue Man and all sorts of characters in heroic nature, and the most vicious supper-villain from Sri Lanka.

Comic books can be very addictive. But in India, it not an addiction, it is a religion. They build gorgeous statutes of the Monkey Man and worship him, thank him daily, for helping Indians to defeat the dreadful Sri Lankan villain and burn down part of Sri Lanka. Monkeys are always fun, hence he is my favorite superhero too.

Indians are eagerly waiting to see the second part of this story been made. In event of it made, I guess they may come with names like “Hanuman Returns” or “We set Sri Lanka on Fire. Again.”. I imagine that may have chapters like the Monkey Man driving an Ambassador Padmini newest edition car (the one with an Altrerntor instead of the Dynamo) on Galle Road, and burning down buildings such as Majestic City or Hotel de Pilawoos. May be my imagination is utterly wrong. May be that will have deferent sort of chapters like building a team of superheroes and sending them to Sri Lanka, so they can burn down buildings such as the Central Bank. Either way, those Indian comics has been denigrating Sri Lanka for past couple of thousand years.

We Sri Lankans are cool with that. We don’t mind Indians dress like monkeys, dance like monkeys and burn effigies of Sri Lankan villain and denigrate Sri Lanka in an annual cultural ritual.

With great sadness I must say, Indians are not very cool people like we are. They got hold of this Sri Lanka movie director Thushara Peiris and beat the shit out of him like in a Rajinikanth movie, just because of him making a movie about reincarnation of God Vishnu, also known as Prabhakaran. I don’t know why Indians are so irritated by this movie business. They say because that movie denigrates Indians. May be it is true. Come to think of it, it is very hard to roll a camera in any Indian street without denigrating India, unless you film in a real cold day, so nobody is engaging any unhygienic activity by the road side. But it can’t be the reason at all, since this movie is not about India or not filmed in that place. So I believe this is a bilateral trade issue.

Thushara Peiris tried to release this movie in India as we all know and Indians are pretty upset about this potential competition coming from the place they hated for past thousand years. The theme of this movie may attractive to an average Indian, since it talk about reincarnation of Vishnu, whom not only by Indians, some Canadians and Norwegians also worship as a superhero. So Indians bullied Thushara Peiris, steal his original film, and now they are waiting till this movie to be banned as a precaution of any unlikely event of it been released in disk format in India. What a discouragement to a young director! This is not fair trade. But Indians are not known to be fair.

I highly doubt we can protect our trade interests in this event or any other similar events. It is not that we don’t have capacity to do so. We have this excellent weapon call Boycotting which named after the Irish gentleman Captain Charles Boycott. There are so many underrated Indian movies and soap operas we can use in boycotting without whatsoever lost or cost to our side. But I suspect we are absolutely not capable of engaging in such an activity, because we are lazy people. Therefore we always loose.

Labels: