19 January, 2010

රාජපක්ෂගේ විස්කම්

මේක පහුගිය වන්ගියෙ ඉන්ගිරිසියෙන් ලියාපු අටුවාක්. මේ දවස් වල රාජපක්ෂ කාන්ඩේ එකපැත්තකයී, චන්ද්‍රිකා බන්ඩාරණායක කාන්ඩෙ එකපැත්තකයී ඉදගෙන මහා චන්ද සටනක් කොරන නිසා, අලුතෙන් සිංහලේන් ලීව්වෝතින් පංකාදුයී කියලා හිතුනා. හුගක් දෙනා මහින්ද රාජපක්ෂ උන්නැහැගේ කල කිරියාව හැකියාව ගැන හගිස්සනවානේ. ඒ නිසා උන්නැහැගේ හැකියාවන් පිලිබද ලයීස්තුවක් තමයී මෙතන තියෙන්නේ.
  • සිංහලේ වීර රජවරු වැලි මිරීකා වතුර ගත්තායැයී පඩිවරු කියනවා. හැබැයී වතුර මිරිකලා වැලි ගන්න පුලුවන් එකම රජ්ජුරුවො මහින්ද රාජපක්ෂයී.

  • නයාට ගහල පොල්ල වරද්ද ගන්න එපායැයී මනුස්ස ලෝකෙ කතාවක් තියෙනවා. මහින්ද රාජපක්ෂට ගහලා දලේ වරද්ද ගන්න එපෑයෑයී නාග ලෝකේ කතාවක් තියෙනෙවා.

  • මහින්ද රාජපක්ෂ කන්නාඩියක් දිහා බැලුවෝතින් කන්නාඩිය දෙකට පැලෙනවා. මොකැයී රාජපක්ෂයී රාජපක්ෂයී මැදට එන්න කන්නාඩියත් බයයී.

  • ජයසූරියට යාර හතලිහක් දුරට පන්දුව යවන්න ඇහැකීයී. මහින්ද රාජපක්ෂට ජයසූරියව ඊටත් එහාට යවන්න ඇහැකීයී.

  • මහින්ද රාජපක්ෂ ඕහේගෙ ගෙදර තියෙන තැන දන්නේ නැහැ. දන්නේ ඔහේගේ මලගෙදර තියන තැන විතරයී

  • මහින්ද රාජපක්ෂ දැක්කහම වෙඩි උන්ඩත් හැන්ගෙනවා.

  • මහින්ද රාජපක්ෂගේ නම වැරදියට ගූගල් වල ලීවොතින්, ගූගල් තවදුරටත් "Did you mean Rajapaksa?" කියලා අහන්නේ නැහැ. "දුවපන්.. දුවපන්.. පණ බේරාගන්න දුවපන්" කියාලයී කියන්නේ.

  • මහින්ද රාජපක්ෂට තනි කුරුල්ලෙකුගෙන් ගල් දෙකක්ම මරා ගත ඇහැකී.

  • මහින්ද රාජපක්ෂ විනාඩි දෝලහයී තප්පර විස්සකින් සිරස රන් දෙපය බලලා ඉවර කරනවා.

  • ලයීසෝල් වලට විෂබීජ සීයට අනූ නමයී දසම අනූනමයක් විනාශ කොරන්න ඇහැකීයී. හැබැයී මහින්ද රාජපක්ෂට සීයට සීයක් තමන් කැමතී ඕනෑම දෙයක් විනාශ කොරන්න පුලුවන්.

  • හොල්මන් හැදිලා තියෙන්නෙ, මාරයාටත් එලොවට එක්කාගෙන යන්න බැරි තරම් වේගෙන් මහින්ද රාජපක්ෂ සටනෙදී මරාපු උන්ගෙනුයී.

  • මහින්ද රාජපක්ෂගෙ මීයා පූසො දෙන්න දෙන්න අල්ලනවා.

  • බූමිතෙල් මිල වැඩි වීමට හේතුව මහින්ද රාජපක්ෂගේ හවසට හවසට බීමයැයී ඉස්කාගාර දෙපර්තුමේන්තුව කියනවා.

  • හඳ ලෝකෙට හුගක් ඈතින් ඉන්නේ මහින්ද රාජපක්ෂට බයේ පුලුවන් තරම් ඈතට ගිහිල්ල ඉන්න නිසායී. රෑට විතරක් එලියට එන්නේ දවල්ට ආවොත් මහින්ද රාජපක්ෂට අහුවෙයී කියලා බය නිසායී.

  • පිටසක්වල ජීවීන්ගේ පියාබන පීරිසි ලංකාවට ගොඩ බාන්නේ නැත්තේ, මහින්ද රාජපක්ෂගේ හැකියාවන් පිටසක්වලත් ප්‍රසිද්ද නිසායී.

  • විශ්වය දිනපතා විපර්ශනය වෙනවායැයී පන්ඩිතයන් කියන්වා. එහෙම වෙන්නේ මහින්ද රාජපක්ෂට බයෙන් විශ්වයම ඈතට දුවන නිසායී.

  • කලු පාට මහින්ද රාජපක්ෂගෙ නිර්මානයක්. කලු පාට විතරක් නොවෙයී මේ ලෝකෙ තියන ඔක්කෝම පාට හැදුවෙ මහින්ද රාජපක්ෂ, රෝස පාට ඇරුනහම. රෝස පාට හැදුවෙ රනිල් වික්‍රමසිංහ.

  • විශ්වයේ කලු කුහරයකින් ගැලවෙන්න කිසිම දේකට බැහැයී පන්ඩිතයෝ කියනවා. හබැයී මහින්ද රාජපක්ෂට කලු කුහර වලින් ගැලවෙන්න විතරක් නොවෙයී, කලු කුහර ඉදිආප්පම් වගේ රෝල් කොරලා කන්නත් පුලුවන්.

  • මහින්ද රාජපක්ෂ ගහයී කියලා බයෙන් රීරී යකා රෑමැද්දට ඒලියට බහින්නේත් නැහැ.

  • යක්කු ගස් නගින්නේ මහින්ද රාජපක්ෂට බයෙනුයී.

  • රාමයී රාවනයී මහා සටනක් කොරෝතින් දිනන්නේ මහින්ද රාජපක්ෂ.

  • මහින්ද රාජපක්ෂ පොඩ්ඩා කාලෙ කවදාවත් ඇදේ හුජ්ජ කොරලා නැහැ. රාජපක්ෂ පොඩ්ඩා රෑට බුදියනකොට මර බයෙන් ඇද හුජ්ජ කොරනවා.

  • පස්සිල් වල හයවෙනී ශික්ශා පදය මහින්ද රාජපක්ෂ තරහා ගස්සන්නේ නැතේයී යන්නයී. එසැනීන්ම පඩිසන් දෙන එකම ශික්ශා පදය හයවෙනී ශික්ශා පදයයී.

  • බයීබලේ කීයාපු හැටියට යේසුතුමා වතුර වයීන් වලට හැරෙව්වා. හැබැයී මහින්ද රාජපක්ෂට වයීන් බියර් වලට හරවන්න පුලුවන්.

  • රාමට ලංකාවට එන්න හනුමා යගදාවෙන් ගහලා මුහුද දෙබෑ කරායැයී කියනවා. හැබැයී මහින්ද රාජපක්ෂට යගදාවක් ඕනෑ නැහැ. හනුමා ඕනෙත් නැහැ. මහින්ද රාජපක්ෂට දැක්කහම බුදු අම්මෝ කියලා මුහුද දෙපැත්තට දුවනවා.

  • තුවක්කු වලින් කරන සටනකට කඩුවක් අරන් ගිහිල්ල පලක් නැහැ. මහින්ද රාජපක්ෂ එක්ක කරන සටනකට තුවක්කු අරගෙන ගිහිල්ල පලක් නැහැ.

  • ජනාශුතියේ තියනවා මහසෝනා කියලා බයානක යකෙක් ඉන්නවා කියලා. ඒ වුනාට දැන් එහෙම එකෙක් නැහැ. මොකද උගේ වලස් ඔලුව ගලවලා මහින්ද රාජපක්ෂ බූරු ඔලුවක් හයීකරා. මර්වින් සිල්වා කියලා හුරතාලේට තියාගෙන ඉන්නේ ඌව දමයී.

  • ලිප්ටන් වටරවුම ඔයීට ඉස්සෙල්ල ලිප්ටන් චතුරාශය. මහින්ද රාජපක්ෂ ගැහුව පයීන් එකක් මුලු හතර රවුම් වෙලා යන්න. දැන් තියෙන්නෙ ලිප්ටන් වටරවුම.

  • මහින්ද රාජපක්ෂ මේ බ්ලොග් අඩවිය ගැන දන්නේ නැහැ. හැබැයී දැනගත්තෝතින් මුලු ඉන්ටර්නෙට් එකම කුනු බක්කියට ඇදලා මකලා දානවා.

  • මහින්ද රාජපක්ෂට මැගී නූඩ්ල්ස් විනාඩියෙන් උයන්න පුලුවන්.

  • මහින්ද රාජපක්ෂ නිදියන්නේ ලයීට් දාලා. මොකද මහින්ද රාජපක්ෂ කලුවරට බය නිසා නොවෙයී. කලුවර මහින්ද රාජපක්ෂට බයයී.

  • මහින්ද රාජපක්ෂ දෙකේ පන්තියේදී පහ වසර ශිෂතවය සමත් වුනා.

  • මහින්ද රාජපක්ෂගේ සතුරන්ගේ ලයීස්තුව "වදවී ගිය සතුන්" යටතේ කටු ගෙයී තියෙනවා.

  • මෝහිනීට වතාවක් තිස්ස වැව ලඟදී මහින්ද රාජපක්ෂ මුන ගැහුනා. එතනම ලේ වමනේ කොරලා මෝහිනි මලා.

  • වතාවක් මහින්ද රාජපක්ෂයී ගමනක් යනකොට වලස්සු දෙන්නක් ඉස්සරහට ආව. එක වලහෙක් හනි හනිකට ගහකට නැගලා බේරුනා. අනිත් වලහා මැරුනා වාගේ බිම බුදියගෙන බේරුනා.

  • මහින්ද රාජපක්ශගේ වෘශණ කෝශ වල මයීල් ගස් නැහැ. මොකැයී යකඩ වල මයීල් වැවෙනවයැ.

  • මහින්ද රාජපක්ශට වතාවක් තමා වැරද්දක් කොලායැයී හිතුනා. මහින්ද රාජපක්ශට වැරදුනු එකම වතාව ඒකයී.



11 Comments:

Blogger Prasad said...

Not very good :( apart from one or two of these. I enjoyed the English version. Ingrisi idioms sinhalata literally translate kalahama wede wana wenanwa.

January 26, 2010 3:03 PM  
Blogger Sam said...

Prasa, Agree. I just wanted to tried it out how much i can push.

January 27, 2010 2:22 AM  
Anonymous Anonymous said...

mokada malli Mahinda Rajapaksa ekka mechchara tharaha ???
mokak hari awulak da ?

February 06, 2010 10:30 PM  
Blogger රසික said...

හරි නෑ නේද..මම බැලුවේ ඇත්තක් හෝ පිලිගන්න පුලුවන් කරැ‍නක් තිබුනෙම නෑ..

෴ රසිකයා ෴

February 20, 2010 10:56 PM  
Anonymous Anonymous said...

අයියෝ!! මම දැන් දැක්කේ මේක...
මට නම් හොදටම හිනා අප්පා...
අයියෝ, මේක දැක්කොත් වහ කයි වගේ!!

February 20, 2010 11:10 PM  
Blogger Sam said...

Rasika.. විහුලු කියවලා ඇත්ත හොයන්න තත්වෙට පත් වීම කණගාටු වියයුතු කාරනයක් නේද. ඇයී අයීටීඇන් එකෙ ඇත්ත නැද්ද?

February 21, 2010 1:29 AM  
Blogger Sam said...

Anonymous, මම කියලා තියෙන්නේ මහින්දගේ දස්කම් විස්කම් ගැනනේ. තරහ ගන්නේ මොකටද?

February 21, 2010 1:30 AM  
Blogger පිස්සා පලාමල්ල said...

හපොයි මහින්ද රාජපක්ශ.

November 15, 2010 11:38 AM  
Anonymous Anonymous said...

‍රැජිණි කාන්ත් ගැන ලියපු එකකින් කොපි කරපු එකක්නෙ මෙයා හෙණ නිර්මාණයක් කියල ඉදිරිපත් කරල තියෙන්නෙ. නිකං මෝඩ ආතල් නොදී ඔරිජිනල් වැඩක් කරන්න බලන්න.

February 12, 2013 9:54 AM  
Anonymous Anonymous said...

රැජිණි කාන්ත් ගැන ලියපු එකකින් කොපි කරපු එකක්.
Not good.

February 12, 2013 11:55 PM  
Blogger මනෝකාන්තයේ නොනවතින රැළි said...

tho danne mahindata athal denna thamai

April 16, 2013 6:21 PM  

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home