15 April, 2008

සිංහල වියාකරණ මොටැයි?

සිංහලෙන් බ්ලොග් ලියන හැමෝගම චාරිත්‍රයක් තමයි සිංහල වියාකරණ ගැන කතා කිරීම. ඔකගැන ලිව්වෙ නැත්තම් හරියට මලු පාන් කාලා, තේකක් බිව්වෙ නැතිවා වාගේ.

ව්යකරණ කීවහම මට මතක් වෙන්නේ අපේ ඉස්කෝලේ සිංහල ගුරුතුමියයි, උන්දැගෙ වේවැලයි, උන්දැගේ පස්සට කරලා බැදපු කොන්ඩෙයි. මම හිතනා අකාරයට උන්දැගේ අරමුණ උනේ සියලු දෙනටම සිංහල වියාකරණ එපා කිරිමයී. අපි හිතාගෙන උන්නේ වියාකරණ කියන්නේ මහා දඩුවමක් කියලයි. පාසලෙන් ඉවත් වීම ජීවිතයේ ලොකුම සැපතක්. තවදුරටත් වියාකරණ සමග හරබ කරන්න ඔනැ නැහැ. ගුටිකන්න ඔනේ නැහැ. ගිනි අව්වෙ හිටගෙන ඉන්න ඔනේ නැහැ. ඔන් ඉතින් මමත් වියාකරණ සහ ඒ හා බැදුනු ගුටි සහ දඩුවම් සියලු දේ අමතක කරලා දැමුවා. එදා ඉදන් අද වෙනකම් මට කිසිම වියාකරණ පුරස්නයක් ඇතිවුනේ නැහැ. අපේ සිංහල ගුරුතුමීට ජය. මම උන්දැගෙන් ඉගනගත්තු වියාකරණයක් නැහැ.

වියාකරණ නොමැතිව කිසිම භාශාවක් හරබ කරන්න බැහැ. අපි හැමෝම යම් තරමකට වියාකරණ බාවිතා කරනවා. වචන පිලිවලකට ලියනවා. කිරියා පදේ අගට යොදනවා. ඒ වුනාට සමහරුන්ට පුරස්න. වියාකරණ පාවිච්ච්ය මදි. මම හිතන්නේ ඒ අය අපේ සිංහල ගුරුතුමිගේ යහපත් ගෝලයෝ. ඒ උදවිය වේවැලක් අරගෙන දැන් අපිට තලන්න බලාගෙන ඉන්නවා. උන්දෙලාට හරහට හිටලා තියෙන්නේ, වියාකරණ උන්දලාගේ බුදලයක් නෙමෙයි.

බාසාව හරියට බත් පිගානක් වගේ. අපි කන දේ තමයි ඒකේ තියෙන්නේ. කවුරු කොහොම කිව්වත්, මගේ බත් පිගානට කාටවත් හැමදාම බලෙන් බත් බෙදන්න බැහැ. පරිප්පු ලාබ නිසා අපි හැමෝම පරිප්පු කනවා. තලප කන යකෙක් දැන් බෙහෙතකට හොයාගන්නත් නැහැ. වියාකරණ නොමැතිව අපිට ලියන්න කියන්න පුලුවන්නම්, බලෙන් වියාකරණ පරිස්සම් කරන්න බැහැ. බලෙන් තලප කවන්නත් බැහැ.

ඒ කොහොම කිව්වත් දියවැඩ්යාව තියන උන්දෙලා තලප කනවා. වියාකරණ උවමනා උන්දෙලා වියාකරණ පාව්ච්චි කොරනවා. ඒ අය එහෙම කරන්නෙ වියාකරණ ගැන තියෙනා කැක්කුමකට නෙවෙයි. ඒක අත්‍යවශයය නිසයි. එහෙමත් උදවිය ඉන්නවාද?

ඉන්නවා නේන්නම්. එගොල්ලො නවකතා ලියන අයවත්, පත්තරේට ලියන අයවත්, ප්‍රවෘති කියවන උදවියවත් නෙමෙයි. කලා විෂයන් හදාරන අයවත් නෙම්යි. බ්ලොග් ලියන අයවත් නෙමෙයි. අපි ඔක්කොටම ගජරාමෙට වියාකරණ හරබ නැතිව ලියන්න කියන්න පුලුවන්, පහදන්න පුලුවන්. බනින්න පුලුවන්. සින්දු ලියන්නත් පුලුවන්, කියන්නත් පුලුවන්. ගැණුළමයට ලියුම් ලියන්නත් පුලුවන්. එහෙනම් වියාකරණ කුමැටැ?

වියාකරණ නැතිව කරන්න බැරි එක දෙයක් තියනවා. වියාකරණ නැතිව නැතිව කිසිම මනු නීතියක් ලියන්නවත්, කියන්නවත්, පහදන්නවත් බැහැ. උසාවිය පවතින්නේ නිවරදිව අදහස් ලිවීම සහ නැවත නිවරදිව පැහදිම මතයි. උසාවියේ නීතී රීතී වල තේරුම පුද්ගලයාගෙන් පුද්ගලයාටවත්, කාලයෙන් කාලයටවත් වෙනස්වෙන්න බැහැ නොවැ. ඒ කාරනය සදහා උසාවියට නිවරදි වියාකරණ අත්‍යවශයයි. උසවිය සිංහල බාසාවෙන් නීතී රීති ලියන කියනකම් සිංහල වියාකරණ රැකෙයි. එහෙම නැති දාට, අපිට තදබල වියාකරණ නීතී පාවිච්චි කරන්න හේතුවක් නැහැ. තේරුමකුත් නැහැ. ඕනැම භාශාවක වියාකරණ රැකෙන්නේ හන්දියේ කඩේවත්, නාන ලිද ලඟවත්, ඉජිනේරැ විද්‍යලයේවත් නෙවෙයි. දියවැඩියව නැති අයට බලෙන් තලප කවන්න බැහැ. වියාකරණ රැක ගන්න ඔනෙනම්, ඒක කරන්න පුලුවන් උසාවියෙයි. සහිත්‍ය පොත්වල නෙම්යි, නීති පොත් වලයි.

බ්ලොග් ලියන උන්දෙලට නිදහස්ව ඉක්මනට ලියන්න කියන්නයි ඔනේ. අදහස් කියන හරහට අනවශ්‍ය වියාකරණ හරස් කරගන්නා එක හරි ලොකු වදයක්. ඒවගේම අවශ්‍ය වියාකරණ නැතිකමත් කරදරයක්.

සිංහල වියාකරණ ඇත්තේ අදහස් කියුමට විනා, අදහස් ඇත්තේ වියාකරණ කියුමට නොවේ. වියාකරණ වැරදි දුසිමක් සමග රසවත් අදහසක්, සම්පුර්ණ වියාකරණ සමඟ දියාරු අදහස් දුසිමකට වඩා වටි.

19 Comments:

Blogger Unknown said...

Even before you think of sinhala grammer write each word correctly.

We have no sinhala DIC across all platforms, Text is not compatible, write worng sinhala words, SLSI 1134 is incorrect standard.

Donald Gaminitillake

April 16, 2008 1:00 PM  
Blogger Sam said...

Thank you for the comment,
I have one question. Who define the correct word?

April 16, 2008 5:12 PM  
Blogger Anandawardhana said...

අනර්ඝයි! ඔබේ ලිවීම් කියවන්න ඉතාම ප්‍රිය උපදවනවා. මම එහෙම කියන්නෙ අදහස් අතින් එකඟ වෙන්න පුලුවන් දේ දැකපු නිසා විතරක් නෙමේ ;-)

මේ ලියන ශෛලිය හරිම රසවත්. මම ඉතාම ආසාවෙන් කියෙව්වේ ඒ නිසා.

April 16, 2008 9:30 PM  
Blogger Donald Gaminitillake said...

Do we write English language the way we want? In sri lanka there are people who mix up "F" and "P".
Write "fees' as "peas" etc etc
Pronounce "Fort" as "Fart" etc etc
All four words do have different meanings.

Likewise even is our language sinhala we do have a proper way of writing. That is why during the past 2500 years the language developed into a large number of sinhala individual characters.

The oldest script available, Siyabaslakara, is the work of the latter part of the Anuradhapura era (8 to 9 AD) (Indrasena, 2001).

Historical sources suggests there were written communications in Sinhala amongst the royalty as far back as 4 BC (Former Director General of the Department of Archeology Dr. Shiran Deraniyagala, excavations in Anuradhapura)

We need to preserve our language, for better explanations we may use words from other languages. "tsunami" is used for tidal wave. but distorting words what has been written by the past scholars is not permitted.

All these errors are happeninig because we do not have a proper guideline and a standard for sinhala in computer.

Donald

April 17, 2008 10:58 AM  
Blogger Sam said...

First of all, I’m so glad this discussion comes up. And I wish more Sinhala bloggers will involved in this in civilize manner.

My fundamental believe is - Standards of (any) language come from bottom up – not top down. We cannot bring back what somebody happened to write 100 of years back and say,” this is the correct language, you better use it” – “if you do not use it, we will criticize you, condom you, burn your books. So god dam, write the way I tell you to write. ” That sort of Language policing will not work. Not after school.

We indeed pronounce ෆීස් as පීස්. Considering the fact, one word can use for deferent meanings, if people more comfortable doing so, it can’t be wrong. We convert ඒබ්රහම් in to අබරං and අබරං is quite happy with that. By any mean I do not suggest the language should not need technical ability to write ෆීස් or ඒබ්රහම්, but all I say is, what correct language is, what අබරං speaks or writes, even if it is පීස්.

Shakespeare never used the word Badonkadonk. May be he should have use that remarkably expressive word in a some sentence like "The devil hath power, To assume a pleasing Badonkadonk.” Even Shakespeare didn’t use that word; I don’t think the word “Badonkadonk” distort English language in anyway. My point is, the standards are what අබරං choose to speaks and what he speaks right now.

There was this discussion about ගිජු ළිහිනියා in the ඔහේගේ blog. When I read that blog, I get the impression ගිජු ළිහිනියා is a vulture and we have to be careful from it. But උඩලමත්ත pointed out ගිජු ළිහිනියා is a 1000 year old wise bird king according to ජාතක අටුවා ව. Now if someone calls me, “යකෝ, උඹ මාර ගිජු ළිහිනියෙක්නේ”, I do not know I should thanks him dearly and ask him to marry my daughter or hit on his head with a bat.

Even we like it or not, what we bloggers write will define the way we write with computers. And computers had been the new pen and paper, that will define the standards of the future language. That because standards starts from bottom to top. If bloggers can communicate using words like පීස්, regardless of the reason they choose to do so (such as easy to type, no letters available, they don’t know any better, etc..) that will be the future language.

Guidelines, standards or dictionary or anyhow you name it, I whole heartedly agree there should be some reference point. Without proper documentation, we cannot engage in legal communications with Sinhala language. If Sinhala is not capable of using inside the court room, store and interpret proper rules and laws, it will be a useless language.

I don’t think Sri Lankan government, who can’t run a train at a time, ever able to standardize something as dynamic and complex as a language. My suggestion for this is, මධුර dictionary approach. While our elite language specialists bitch about all the misuse of language like bunch of old woman, some school kid comes up with a dictionary named after himself. Now everybody uses it and if මධුර says something like meaning of “Mervin Silva” is “මෝඩයා”, and then there it will be.

I think the only workable solution is, have WIKI style approach to this, where people can maintain and records the standards and share across deferent platform. I think that will be far more fast and accurate and fair, than we get government or any other elite group to police the language from top to bottom.

April 17, 2008 7:32 PM  
Blogger ඔහේ said...

//Now if someone calls me, “යකෝ, උඹ මාර ගිජු ළිහිනියෙක්නේ”, I do not know I should thanks him dearly and ask him to marry my daughter or hit on his head with a bat//
සෑම්, ඔබ අනිවාර්‍යයෙන්ම තේරුම් ගත යුතු කරුණක් වන්නේ, අවස්ථානුකූලව අරුත් වෙනස් වන වචන ඇති බවයි. උදා, - ගල.

April 17, 2008 8:44 PM  
Blogger Donald Gaminitillake said...

Quote "Not after school."

This is what I say, we have been guided in school for 12 years. Based on these guide lines we write. You can change your writing style or content but not going off the limit.

If you use English and if you write incorrectly all these words will be indicated in red. This is the guide line. Up to you to correct it or publish as it is. What normally happens is we correct it.

Since the SLSI 1134 was incomplete registration non of these simple tasks are possible.

You can correct these errors very easily unfortunately the educated guys are not interested

Donald

April 17, 2008 9:22 PM  
Anonymous Anonymous said...

Mr Donal පලමුව සිංහලෙන් ලියන්න පුරුදු වෙන්න ගොඩ සුද්දෙක් වගේ බුරන්නේ නැතුව. මොකද මේක සිංහල බ්ලොග් එකක් නේ. සප්තු දාගෙන ඒදන්ඩේ යන්න එපා, අපිටත් ලැජ්ජයි. මට පේන්නෙ ඩොනල් මහත්මයට සුද්දෙකුගේ ජරාගොඩක් පැගිලා වාගේ. සිංහලෙන් ලියන්න බැරි උන් සිංහල ගැන කතාකරන්න එපා.

April 17, 2008 9:36 PM  
Blogger Sam said...

ඔහේ, ඔන්න කාරනේ ඇත්ත. ඔබේ පිටුවේ මම ලීවෙ, භාශාව යනූ වචන හෝ වියාකරණ පමනක් නොවන බවයි. භාශාව යනු අපි සිතනා පතනා ආකරයි. "ගිජු ළිහිනියා" වචනය අපේ වුනාට, එය යොදනා තේරුම අපේ වියනොහැකියි. මා එය උදාහරනයක් ලෙස යොදාගත්තේ එම වචනය ගැන කතා කෙරැමට නොවෙයි. තේරුම, වචන වලට වඩා වටිනා බව කියන්නයි. අපි මේ ගැන තව දුරටත් වෙන වෙලාවක කතා කරමු.

Mr. Gaminitillake,
I have no worth knowledge in SLSI 1134 for me to put my two cents in to a very complex subject like Unicode. But I know one thing for sure, when we put ‘Sri Lankan government” and “Computers” in one sentence, it ends up wasting truck load of public money. Very bad idea.

I have no whatsoever idea, is Sinhala Unicode characters able to work inside a database and do simple functions like ‘OREDER BY’. But at this movement, I’m quite happy I can TYPE some words without wasting the whole evening looking at some typing instructions. I rather sacrifice sounds and symbols if that is what make us jump over all that technical problems faster and work on the most important thing – Content.

Anyway I just start using Unicode; hopefully I will have more time to play with this in the future.

නිර්නාමික මහතෝ,
මටනම් ලැජ්ජාවීමට කිසිම හේතුවක් පෙනෙන්නේ නැතැයි. ඒ වෙනුවාට ඩොනල්ඩ් මහතාගේ කැපවීම ගැන අඩම්බරක්නම් දැනේ.

කොයි කෙසේ වෙතත්, සිංහල බ්ලොග් කරුවන් කාරනා කරනා ගැන සම්මා සතියෙන් කතාබහ කරන්නේ නැතිව, පුද්ගල අපහසයේ යෙදෙන විට අනේ අපෝයි කියා සිතේ.
ලංකාව ගැන බොහෝ පොතපත ඉංගිරිසියෙන් ලියා ඇත. පොත හොදනම් බස කුමක් වූවාට මොකද?

April 18, 2008 5:44 AM  
Blogger Unknown said...

First there is no sinhala in computer. What you write in Sinhala is just typewriting. Until we have correct sinhala in computer I will not write in Sinhala in Computer.

Sinhala has to be compatible across all platforms like English.

Sinhala, Tamil and English has to be in the same text and readable and wriiten across any Operating System.

Sinhala need to be given correct guide lines in grammer, spellings and sort data in any operating system

There is nothing called "SINHALA UNICODE". Unicode is a standard in the unicode consortium in USA and it is equal to the ISO and this what has been registered at the Sri Lanka Standard Institute as SLSI 1134.(donald objected and it has been a recorded document)

The Sinhala Unicode standard was not developed in Sri Lanka. It was designed by an American called Daniels and then picked up by a font maker called Everson. The proposal of the Unicode standard for Sri Lanka was proposed by Everson and endorsed by Camillus Jayewardena Ven. Mettavihari who is a Dane

(Camillus Jayewardena (University of Ruhuna, Matara, Sri Lanka), Mettavihari (IBRIC - International Buddhist Research & Information Centre, Sri Lanka).

Unicode standard for Sinhala was made in America and will be extended in America. The frogs in the well croak and croak.

This is the truth Sir

Donald

April 18, 2008 9:58 AM  
Anonymous Anonymous said...

Mr. Donald = Donald Duck
මොකද දෙන්නගෙම කට විතරයි. :-D

May 04, 2008 2:49 PM  
Blogger Donald Gaminitillake said...

I am not a cartoon but a living person.Why don't you come forward and meet me.

Donald Gaminitillake
I set the standard

May 05, 2008 11:47 AM  
Blogger Anuradha Ratnaweera said...

පයන්නයි ෆයන්නයි මාරු කිරීම ලොකු ප්‍රශ්ණයක් නෙවෙයි. නෙල්සන් මැන්ඩෙලා මහත්තයගෙ ඉංගිරිසියෙ කොච්චර වැරදි තියනවද? එහෙ අය ඒව ගනං ගන්නෙවත් නෑ.

හාවා-සාවා, හඳ-සඳ, සැකය-හැකය වගෙ වචන කිසි ගැටළුවක් නැතිව අපි පාවිච්චි කරනව නෙ.

ඩොනලඩ් මහත්තයට ඕනෙ එයාගෙ පේටන්ට් එකෙන් සල්ලි හම්බ කරන්න. යුනිකෝඩ් ඒකට හරස් වෙලා.

අකාරාදිය ඉගෙන ගෙන, සියබස්ලකර ගැන කතා කර පමණින් භාෂාවට ආදරෙයි කියන්න බැහැ. ගයිඩ් කෙනෙක් එක්ක අනුරාධපුර බලල එන විදේශිකයෙකුත් ඔය විස්තරේම කියයි. කවියක් ඇහෙනකොට ඒකට ආස හිතෙන්නෙ නැතිනම්, බෙර පදයක් ඇහෙනකොට ඉබේටම නැටවෙන්නෙ නැතිනම් (බ්‍රේක් ඩාන්ස් නෙවෙයි ;)), කංකාරියක් තියනව කියල දැන්වීමක් දැක්කම යෑම කෙසේ වෙතත් නැවතිල බලන්නවත් හිතෙන්නෙ නැතිනම්, මොන සිංහළ කමක්ද?

මේ ගැන මම කලිනුත් ලියල තියෙනවා.

May 06, 2008 2:24 PM  
Blogger Donald Gaminitillake said...

Anuradha you are just fooling the public again and again.

Come forward for a public debate at Dr Harsha's TV program.

I Quote from unicode

http://www.unicode.org/reports/tr2.html

“There is a standard extant for Sinhala described in A Standard Code for
Information Interchange in Sinhalese by V.K. Samaranayake and S.T. Nandasara
(ISO-IEC JTC1/SCL/WG2 N 673, Oct. 1990). The coding proposed in it was found
to be an inadequate basis for a modern, computer-based interchange code,
though it is adequate to handle the capabilities of a Sinhala typewriter for
representing contemporary colloquial Sinhala. ”

your system is just a typewriter. as I have clearly proved that the Sinhala unicode registration was done by a person who was not gone to a school in sri lanka nor have ever been to Sri Lanka. Worship the white skin anuraddha.
Listen to me and correct the language issue.
I have copyrights because you guys made a wrong format. Sinhala is not correctly registered or represented in the SLSI 1134 nor in Unicode Consortium.

May 06, 2008 6:01 PM  
Blogger Sam said...

Anuradha,

I also think there is nothing wrong with communicating using deferent set of spellings, as long as it helps you to communicate effectively. May be it is an excuse for my own linguistic skills, which is generally suitable for a 3th grader. But, Sinhala been the type of language, library adopt deferent words, sounds and metaphors from rage of foreign languages, we can effectively communicate without using exact spellings.

But that have absolutely nothing to do with Unicode table. Does it? I mean, I always write ‘කැකිරි’ instead පිපිඤ්ඤා, and I’m absolutely content with it, and I will continue to do so. So does the grammar. If we write without strict grammar and eventually some of the grammar drops out form the language, it is a deferent story (and a happy story to me). But that do not mean, we should force others to do so too, by limiting the capability in the technology (If there is any – I don’t know, so correct me.). If there is any technical hitch in the Unicode table (again IF), what would happen to things already written.

I’m quite happy Unicode is working, at least for me to blog and type. So if there are issues or ways to improve, look at them openly, and should use the most brilliant concept computer programmers regularly use, goes by the name of “update”.

By the way Language should be savvy enough to function inside the judiciary. And that have nothing do with සිංහලකම.

May 09, 2008 8:49 PM  
Anonymous Anonymous said...

බොහෝ දෙනෙක් ඉංනග්‍රීසියෙන් තමයි මෙච්චර කල් බ්ලොග් ලිව්වෙ. නමුත් අපි ව්‍යාකරණ පුළුවන් තරම් ආරක්ෂා කළ යුතුයි ඒ භාෂාවේ නැතිනම් අපට තේරෙන්නෙ නැහැ. දැන් සිංහලෙන් ලියන්න පටන් ගත්තට පස්සෙ මේ වගෙ ප්‍රශ්න එනව. සමහර දේවල් ගැන විවාද ඉවර වෙන්නෙ නැතිව ගෙනියන්න පුළුවනි.

සිංහල වල ආකාර දෙකක් තියනවා. ලිඛිත භාෂාව හා කතා කරන භාෂාව. දෙකෙන් ඕනෑම ආකාරයක් පාවිච්චි කළ හැකියි. විශේෂයෙන්ම බ්ලොග් ලිවීමට. මගේ අදහස නම් භාෂාවක් දියුනු වීමට හා ඉගන ගැනීම පහසු වීමට එය තාර්කික විය යුතුයි. එම නිසා "සිංහල වියාකරණ මොටැයි?" කීම හා අවෂ්‍යමයයි කීම යන දෙකම අන්ත ගාමීය.

කෙසේ වෙතත් අපි අපේ භාෂාව රැක ගත යුතු බව අවිවාදාත්මකයි. සිංහලෙන් ලිවීමයි වඩා වැදගත්. ආකාර දෙකම රස විඳිය හැකියි. සිංහල වීමයි වඩාත්ම වැදගත්.

May 31, 2008 11:48 AM  
Blogger Wiz Kun said...

බොහෝ අවස්ථා වලදී අදහස් කරන අර්ථය නිවැරදිව වටහා ගැනීමට ව්‍යාකරණ අවශ්‍ය වනවා. මගේ අදහසට අනුව ව්‍යාකරණ ඉෙඟන ගත යුත්තේ කියවිම හරහා. ඒ වගේම ව්‍යාකරණ රීති වෙනස් විය යුත්තේ භාෂාව භාවිතා කරන විදිය අනුවයි. එවිට තමා ලිවූ වාක්‍යයක් නැවත කියවා එය තවක් කෙනෙකුට තේරුම් ගත හැකිද, එය එම රටාවේ වෙනත් වාක්‍ය සමඟ එක්ව යනවාද යන්න හුරුවෙන් වටහාගත හැකි විය යුතුයි (අනේ මංද, මමනම් කරන්නෙ එහෙමයි). නමුත් බ්ලොගයකට ඉක්මනින් ලියන විට නැවත නැවත කියවා බැලීම කාලය අපතේ යැවීමක්. නිර්මාණශීලී ලේඛනයේදීත් හිතට එන අදහස් ඒ වේගයෙන්ම ලිවීමේදී මොන ව්‍යාකරණද. ඇයි ඒ... ටිකක් හොයලා බලමු...

සිංහල භාෂාවේ කතාකරන ව්‍යාකරණ සහ ලිඛිත ව්යාකරන ලෙස විශාල වෙනසක් තිබීමෙන් පෙනී යන්නේ ඈත අතීතයේ සාක්ශරතාව ඇති සහ නැති ලෙස සමාජයේ තීව්‍ර බෙදීමක් තිබී ඇති බවයි. සාක්ශරතාව තිබූ අය ස්ටයිල් එකට සඟිස්කුරුත කෑලි දමා කතා කිරීමෙන් ලිවීමෙන් සාමාන්‍ය ජනයා "වියත් බසින්" දුරස් (alianate) කර තැබුවා. මෙය තවදුරටත් සාක්ශරතා වෙනස (ගැප් එක) වැඩි කිරීමට හේතු වෙන්නැති.

වෙනත් භාෂා වල නැති ප්‍රශ්නයක් වන්නේ; කතා කිරීම - ඇහුම්කන් දීම හරහා වැඩි වශයෙන් භාෂාව ඉඟෙනගත් සිංහල උදවිය ලිවීමට එන විට කතා කරන භාෂාවෙන් ලිවීමට යාම නිසා, කතා කරන භාෂාවේ ඉතා ලිහිල් ව්යාකරන ලියන භාෂාව තුලට කාන්දු වීමයි. මෙවිට මේ ව්යාකරන සෙට් දෙක අංජබජල් වීම පුදුමයක් නොවේ. ඉංගිරිසියේදී කතා කරන ව්‍යාකරනය තරමක් ලිහිල් වුවත් වියාකරන වැරදියට කතා කිරීම හාස්‍යට ලක් විය හැක.

මෙසේ වූ කල, සිදත් සඟරාවේ ලියා ඇති "වහරනුසරෙන් සපයා" කියන එක හරිද?

June 16, 2008 11:19 PM  
Blogger Sam said...

Wiz Kun, සැබෑවයී. වියාකරන කුනුකූඩෙට දාන්න බැහැ. මොකද වියාකරන නැතිව කිසිම නීතියක්වත් රීතියක්වත් ලියන්න කියන්න බැරි නිසා. නීති රීති ලියන්න බැරිනම්, රටක් කරන්න බැහැ. ඒ නිසා, වියාකරන නැතිව බැහැ. එහෙමයී කියලා, අපි ලියන කියන හැම දේම අස්සට වියාකරන දාගෙන කරන කෙරුවාව කමකට නැති වැඩක්. ඒකෙන් වෙන්නේ, අනේ මට හරියට වියාකරන බැහැයී, මම කොහොමද බෙලොග් ලියන්නේ කියලා, අදර්යමත් වෙන එකයී. ලියන පේලියක් පේලියක් ගානේ සිදත් සගරාවයී, මුනිදාසයන්ගේ ලියවිලියී කියව කියවා, නිවරදි වියාකරන ලියන වීම කරන්න පුලුවන් හදියක් නෙවෙයී. මමනම් හිතන්නේ, ලියනා අදහස සියලු වියාකරන සහ බාසා වලට වඩා උතුම් විය යුතු බවයී.
අදහස් කීවාට පින්.

June 17, 2008 1:05 AM  
Blogger Donald Gaminitillake said...

After "dharmasamaya" published in 1949 there is no correct SINHALA English Dic all because we do not have proper 'AKURU" in the computer systems.
read
http://www.akuru.org/images/diwaine_July29.jpg

First we got to correct the SLSI1134 to save Sinhala Language

June 17, 2008 7:06 AM  

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home