ආන්ඩුව සහ හොරු හතලිහ.
එකෝමත් එක කාලෙක ආන්ඩුව කියලා දෙයක් මේ ලෝකෙ තිබුනේ නැතෙයි. මිනිසු ගංගා නිම්නවල ගොවිතැනක් බතක් කරගෙන, පොඩි පොඩි ගෙවල් හදාගෙන තම්යි දවස ගෙව්වේ. උදේට වැඩට යන්න කියලා ඕනැ කමක්කුත් නැතෙයි. බිල් ගෙවන්න ඕනෙත් නැතෙයි. තම්න්ගෙ පාඩුවෙ කුබුරක් කොටාගෙන, හරකෙක් දක්කාගෙන, කාලා බීලා නිස්කලන්කෙ ජීවත් වෙනවා. අනේ, එහෙම්යි කියල ඉන්නහැදුවාට, පාඩුවෙ ඉන්න හැටියක් නැහැ නොවැ. ගොයම පැහෙන කාලෙට, අහල පහල ඉන්න තක්කඩි රැල ගමට ඇවිල්ලා, තගදාලා, බොහොම අමාරුවෙන් වගා කොරපු අස්වැන්න අඩලාගෙන යනවා. අස්වැන්නනම් ගෙනිච්චත් කමක්නැතෙයි කියමුකො. අස්වැන්න විතරක් නෙමෙයි, උස්මහත් වේගෙන එන ගැනු දරුවො ටිකත් උස්සාගෙන යනවා. අනේ ඉතින්, පලවෙනි හොරු රැල ඇවිල්ලා ගියායැයි කියමුකො. තව හොරු රැලක් ඇවිල්ලා ඉතිරි වෙලා තියෙන ටිකත් උස්සාගෙන පල. මොකෝ කවුරු කියලා හොරුන්ගෙන් ගම පරිස්සම් කොරන්නද.
දෙවෙනි කන්නෙ ගොයම් කපන කාලෙට පලවෙනි හොරු රැල එනවා ආයෙත් උන්ගෙ පංගුව අරගෙන යන්න. ඒ එනකොට එක්කෝ මිනිස්සු ගම දාලා ගිහිල්ලා, එහෙමත් නැත්තම් මැරිලා. මේ කෙරුවාව හැමදාම කොරන්න බැහැ නොවැ. හොරැ කල්ලිය, හොරු වුනාට, මෝඩයෝ එහෙම නෙමෙයි. ඒ නිසා මේ තක්කඩි රැල, වෙනත් හොරුන්ට තමන් අඩලාගත්තු ගමට එන්න දෙන්නෙ නැතිව ගම පරිස්සම් කරනවා. වැඩේ දෙන්නටම හොදයි. ගමේ මිනිස්සුන්ට කප්පම් දෙන්න වෙන්නේ එක්කෙනාටයි. හොරුන්ටත් වැඩිපුර කන්න බොන්න හම්බුවෙනවා.
ඔය තක්කඩි රැල කාලා බීලා තර වෙනකොට, ගෙදරට වෙලා හැමදාම අත බැදගෙන ඉදාලා බැහැ නොවැ. දැන් ඉතින් ඔන්න මගෝඩි රැල යනවා, අනිත් හොරුන්ට ගහලා තවත් ගම් දනව් අල්ලාගන්න. ගම් ගොඩක් අල්ලාගත්තු හොරා තම්යි හපනා. හපන් රැලේ නායකයක හොර ගෙඩියාට රජෙකුට වගේ සතුටුයි. රජ්ජෙක් කියලා කිව්වට, ඔය වෙනකම් මිනිස්සුන්ට රජෙක් කියල එකෙක් හිටියේ නැහැ නොවැ. දැන් ඉතින්, ඔන්න බෙලේ මිස්සුන්ට රජේකුත් ඉන්නවා. මිස්සුන්ටත් හරි සතුටුයි. මිනිසු හොර ගෙඩියට “අපේ රජ්ජුරුවන්වහන්සේ” කියලා දන නමස්කාර කොරනවා, කප්පම් ගෙවනවා, ඇහැට කනට පේන ගෑනු දරුවො වාසෙට ගෙනල්ලා දෙනවා. ඒ වෙනුවවට හොර ගෙඩියා, අනිත් හොරුන්ගෙන් රට තොට පරිස්සම් කොරනවා. නිවාඩු පාඩු වෙලාවට, විනෝදෙටත් එක්ක රටේ තොටේ පුරස්නත් විසදනවා. රට තොට බලන්න යනවා. උත්සව පවත්වනවා.
ඔන්න ඉතින් අවුරුදු ගානක දිග කතන්දරේ කොට කොරලා කියනවානම්, කාලයක් කාලයක් යනකොට, රට්ටු එකතු වෙලා, හිත හොඳ චන්ඩියෙක්ව මුරෙන් මුරේ හොර ගෙඩියා විදිහට පත් කොරගන්නවා. සමහරු ඔය හොර මුලේ නායකයට රජ්ජුරුවෝ කියලා කියනවා, තව සමරු අගමැති කියලා කියනවා, තවත් සමහරු ජනාදිපති උන්නාසේ කියලා කියනවා. දැන් ඉතින් හැම දේකටම අලුත් නම්ක්. කප්පම් දෙනවා වෙනුවට, බදු දෙනවා කියලා කියනවා. හොරු මුලේ චන්ඩි රැලට පොලෝසිය කියලා කියනවා. හොර ගෙඩියාගේ සගයන්ට ඇමති උන්නාසේයි කියලා කියනවා. දැන් අපිව පාලනය කරන හොර රැල ඉස්සර තරම්ම නරක නැහැ. ඉදලා හිටලා, ගමේ උදවියටත් හොර මුලට බැදෙන්න දෙනවා. රෑට රෑට ගැනු දරුවො ගෙනිහින්ල්ලා දෙන්න ඕනෙත් නැහැ. පිලිවලට වැඩ. ඔය කොහොම උනත්, පරණ කතාන්දරේ තවමත් එහෙමමයි.
තවමත්, වගින් වගේ නානාප්රකාර නම් කියාගෙන, එක එක චන්ඩි මතුවෙනවා. සමහරු චේගුවේර කාරයෝලු, තව සමහරු, ජාවීපේලූ, තවත් සමහරු කොටිලූ. තව ඉස්සරහට තව මොන මගෝඩි මතුවෙයිද දන්නේ නැහැ. ඔය මොනනම කිව්වත් හැමෝටම ඕනෙ එක දෙයයි. අපි හරි හම්බූ කරනා දේ ඩැහැ ගන්නයි. හිත හොද චන්ඩියාගේ වගකීම මොන දහන්ගැටේ දාලා හරී තමන්ගේ යටත් වැසියන් අනිත් චන්ඩි පිලට යන්න නොදී රැක ගැන්නා එකයි. ඕන් ඔය කෙලියටැයි අපි දේශපාලනය කියන්නෙ.

6 Comments:
Beautiful post mate , although its sounds funny , it seems so close to the truth as well.
එතෙරින් හොරු රැලකුත් ආවැයි, උන් එලවන්නට ඉඟුරු දී මිරිසුත් ගත්තැයි. අවසන උන් රට හැර යන විට උන්ට බැල මෙහෙ කල උන්ට රට බාර දුන්නැයි.
අපේ උන්නාන්සෙලත් උන්ගෙ පවුල් වලට ගැති කම් කලැයි.
නමුත් අපට වැරදුනු තැන සුද්දා රට බාර දී ගියේ උගේ පුක ලෙවන්නට දිව මැදගෙන හිටපු දීන නපුංසකයන්ට බව තේරුම් නොගැන්මයි.
නිදහසේ කතාකිරීම මහගුය. නිදහසේ ඇහුන්කම් දීම ඊටත් වඩා මහගුය. නිදහසේ අසන්න බැරිනම්, නිදහසේ කීමෙ පලක් නැත. ජුජුප්සහගත වචන නිසිලෙස පාවිච්චි කලවිට, එයට මහගු බලයක් තිබේ. එසේ නොමැති කල, එම වචන පලාතම ගදගස්වයී, අසන්න එලවා දමයී. නිදහසේ ඇසීමට බාදා කරයී. ඒ වාට කුනු හරුප කියන්නේ ඒ නිසයී. ඒවායේ කුනු රසය සහ කුනු ගද නිසාය. මා මෙසේ කීවේ නිතර නිතරම පස්සා පැත්ත ගැන කතා කොරනේ නැතිව, මහගු ලෙස අදහස් ප්‍රකාශ කිරිමේ හැකියාව සිංහල බසට ඇති නිසාය. බොම්බෙලි කරවල කන අපිට, ඇවැසි ලෙස කුනු හරුප පාවිච්චියේ ඇති වරදක් නැත. නමුත් කිරි හොදි බාල මහලු සැමෝටම රසය.
නිසිලෙස පාවිච්චි නොකල අවස්ථාව කුමක් ද?
Sam,
I find this man called 'Ohe' (Looks like a Marata bayya who could not come out of his inferior complex) has got his wires mixed up regarding our identities.
More of their work is seen at http://jathikachinthana.blogspot.com if you have not observed.
බ්‍රහ්මජාල සූත්‍රය කියන බුද්ධ දේශනාවේත් මීට බොහෝ සමාන කොටසක් තියනවා. ඒත් එතනදී රජ කෙනෙක් මිනිසුන් විසින් පත් කර ගන්නේ සොරකම් කරන වැරදිකාරයින් විනිශ්චය කර දඩුවම් දීම සඳහාය.
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home