29 November, 2008

කබුරුපිටියේ නන්දාරත්න හාමුදුරුවනේ, මගේ ගෑනීගේ දරු බොක්ක සාංගික දේපලක් නොවෙයී.

මම මේ වංගියක් තිස්සේ ලියන්නයැයී කියල හිතාගේන හිටියේ. වංගියකට උඩහං මේ කබුරුපිටියේ නන්දාරතන උන්නාසෙයී තවත් ආගම්පාලුවො කාන්ඩෙකුයී, පිලියන්දල ඉස්පිරිතාලෙට කඩා පැනලා, තගදාලා, උපත්පාලනය කොරගන්නයැයී කියලා තිබුනු සායනයක් කඩා කප්පල් කොරලා තිබුනානේ. මෙන්න මෙහේ ඔය ගැන ප්රවුර්තිය තියෙන්නේ.

මේ සිංහල ජාතිය නැති කොරන්න ජාතියන්තර බලවේග කොරනා කාරනා කියලා තමයී උන්දෙලා දොඩන්නේ. මුසිලිමානු ඇත්තො කෙලවරක් නැතිව නැතිව දරුවො වදනවාලූ, මොකැයී දරුවන් වැදීම, දෙවියො උන්දෙලාට පවරලා තියේන දේවකාරියනේ. ඒ හින්දා, උන්දෙලාගේ ප්රතිශතය වැඩි වෙනවාලූ, සිංහල බෞධදයන්ගෙ ප්රතිශතය අඩු වෙනවාලු, සිංහලයො වඳවෙනවාලූ. ඔන් ඔහොම තමයී ඔය හාමුදුරු ගොල්ලො කියන්නේ. ඒනිසා, මගේ ගෑනිගේ දරු බොක්ක සිංහලේට පැටව් හදන ෆැක්ටරියක් කොරගෙන, දිගට හරහට පැටවි ගහන්න කියලා තමයී උන්දෙලාගේ අවවාදය. දැන් උන්දෙලා බණ පැත්තකින් තියලා, ඉස්පිරිතාල වලට වැඩල තග දාන්නත් පටන් අරගෙන. හරියට කව්ද ඔය, තලෙයීබාන්දයැයීද කවුද කියනා උන්දෙලා වගේ.

අනේ අපේ හාමුදුරුවනේ, අනුන් කියන විදිහට ලමයී හදන්න ඕනේනම්, අපිත් කතෝලික හරි මුස්ලිම් හරි ආගමක් අදහන්න තිබුනානේ. එහෙම කොරන්නේ නැතිව, අපේ උන්දෙලා මේ ලෝකයේ අනිත්යය මෙනෙහි කොර කොරා පන්සිල් ගන්නේ, බුද්ධාගම ඔය වගේ ආගමක් නොවෙන නිසායී. අපේ ගෙදර උන්දෙලට මීයො පැටව්ගහනවා වගේ දරුවො වදන්නයැයී කියලා බුදු හාමුදුරුවො කියලා නැහැ. ඒ ඔක්කොටම්ත් වඩා අනිත් ආගමුත් එක්කලා බූරුවො වගේ තරග කොරන්න කියලාත් අනේ ඕන්, බුදු හාමුදුරුවන් දෙසලා නැහැ නොවැ. අනේ එහෙමත් අලංකාරයක්. අනේ එහෙමත් නිදහසක්.

හාමුදුරුවනේ, ඔබ තුමා අහලා නැති උනාට, ඔය බුදු හාමුදුරුවෝ කියලා එක්කනෙක් ඉදලා තියෙනවානේ. උන්නාසෙ, චරත බික්කවේ බහුජන හිතාය, බහුජන සුකාය කියලා කීවේ, ගමක් ගමක් ගානේ වැඩලා ලමයී වදලා බෞධදයෝ ප්රමානයෙන් වැඩි කොරන්න කියලා නොවෙයී. ඔය බහුජනයැයී කියලා කීවේ, ඔය සිංහල බෞධ්ද, දෙමල කතෝලික මුස්ලිම් සියලුදෙනමයී. ඒ සියලු දෙනාගේම සුකය තකා වැඩ කොරන්න කියලා තමයී උන්නාසේ කීවේ. නැතුව බෞධ්දයන්ට අනෙකුත් ආගම් එක්කලා තරග කොරන්න උගන්න කියාලා නොවෙයී. අනේ හාමුදුරුවනේ, මේ අනුකම්පාවෙන් කියන්නේ, ඔබ වහන්සෙට අනිත් ආගම් ජාති එක්ක තරග කොරන්න ඕනෙනම්, ඔය සිවුර ගලවලා පිච්ච වැලක් උඩින් දාලා, පව්නොදී ගිහිල්ල කිරිස්තියානි අගමට හරි මුස්ලිම් ආගමට හරි බැදෙනවද? මොකැයී, ඔබ තුමා ඔය කිරියාත්මක කොරන්නේ, ඒ ආගම්වල උගැනුම්නේ. ඉතින් මොකැයී තවදුරටත් උගුරට හොරා බෙහෙත් කන්නේ, සිවුරකුත් පොරවාගෙන.

16 Comments:

Anonymous Anonymous said...

http://flickr.com/photos/7692825@N03/2475752814

November 29, 2008 11:38 PM  
Blogger ශාකුන්තල | Shaakunthala said...

Good post dude. Keep writing up.

@Annonymous,
What on earth happened to her?

November 30, 2008 1:53 PM  
Anonymous Anonymous said...

SO DISGUSTING. I mean what the monk did & this post. SO DISGUSTING.

November 30, 2008 3:47 PM  
Blogger anonymous blogger said...

This post shows the hyper individualism of the writer

November 30, 2008 9:02 PM  
Blogger Sam said...

I just changed the title because one of my dear friends suggested me to do so. But I still kinda like the old title. At least it disrespected the unconditional immunity religion demand all the time, regardless of their actions.

//hyper individualism// guilty as charged. I know few people went so much further than refusing to breed for the tribe. I even know one left his kingdom altogether to begin with, and taught individualism all his life.

November 30, 2008 10:41 PM  
Blogger anonymous blogger said...

Well, mister sam, to me it results the other way round.
He left kingdom and stuff not for his sake, but to find something, a new meaning to the life of that day. For the benefit of others. It was an act of extreme atruism.
Unfortunatly he was not killed, otherwise we may remember him a "HERO"

December 01, 2008 12:00 AM  
Anonymous Anonymous said...

hamuduruwanta ochara uwamanawak thiyanawa nam siwra atha arala kasadayak bandala lamai hadanna one.

December 01, 2008 5:03 AM  
Anonymous Anonymous said...

බුදුන් භික්ෂූන්ට දෙසුවේ එක මග දෙදෙනෙකු නොගොසින් ධර්ම ප‍්‍රචාරයේ යෙදෙන ලෙස ය. ඒ බුදුදහම මිනිසුන්ට කියා දී මිනිසුන් දුකින් මුදවා ගැනීමට ය.

මෙය කරන්නට හැකියාවක් නැති භික්ෂුන් වහන්සේ විසින් ගොඩ වැඩිකරගැනීමට ලෙහෙසි ක‍්‍රමයක් සොයා ගෙන තිබේ.

ඒ පැටව් ගැස්සවීම ය.

ඒ මිනිසුන් දුකින් මුදවා ගැනීමට නොවේ. ගොඩ වැඩිකරගැනීමට ය. එයින් දානය පමණක් නොව වෙනත් ඇප උපස්ථාන ද සහතික කරගත හැකි ය. බෙන්ස් රථයක සුවපහසුව බැලීම සඳහා පාර්ලිමේන්තුවට යාම උදෙසා ආසන දිනීමට ඡන්දය වුව ද දා ගත හැකි ය.

තවත් බොහෝ ලෞකික දේ ඉන් ලබා ගත හැකි ය.

මේ අබුද්දස්ස කාලයේ හැටිය. මේ සිද්ධීන්වලින් පෙනෙන්නේ මෙතේ බුදුන්ට වඩින්නට කාලය පැමිණ තිබෙන බව ය.

December 01, 2008 1:06 PM  
Anonymous Anonymous said...

Dude, this isn't smart.
I see that so called "monk" has done a really moronic thing. But bashing him like this is not the best thing to do since it does more harm to Buddhism than to the person you are aiming at. And what you have done here is pretty much in the same level with what that person had done.

A little piece of advice. I usually read my blog posts before I hit the publish button. So that I get the feeling my readers get when they are reading the post. If you did the same to this, you would've realized how disgusting it is.

Never thought you were a person like this.

December 02, 2008 4:21 AM  
Blogger Sam said...

Seejay, if I write the same thing about those Islam extremists would you feel discussed by it? Or would I write the same thing about those Mormon extremists, and then would you feel discussed by it too? Or is that only when I write about Buddhist extremists?

December 02, 2008 8:37 AM  
Blogger Leo Sadeepa said...

One could say that the title is too harsh , however what the "monk" did is equally harsh. Buddha has never asked Buddhists to increase the number of buddhist population. This is clearly sinhala extremism.

Is this monk going to pay for the children and sponsor their education ?
Is this monk ready to provide solutions for pregnancy related risks of women ?

This is real bullshit !! a disgrace to maha sanga and buddhism of sri lanka.

December 02, 2008 9:45 AM  
Anonymous Anonymous said...

ඔහේගෙ නම්, ඔහේ ගන්න හොද නෑ නොවැ දොස් කියන්න.
දැන් ඔය ඉස්පිරිතාලෙ උපත් පාලනය ගැන කියල දෙන්නේ එතකොට බුදු දහමේ කියල තියෙනව කියල ද?

December 04, 2008 3:34 PM  
Blogger  said...

තව ටික දවසකින් මිනිස්සුන්ගේ එවටත් අයිතිවාසිකම් කියයිද දන්නේ නැහැ.

December 06, 2008 10:08 AM  
Blogger Mahasen said...

අර අන්ගුලිමාල හාමුදුරුවො ගැන තියෙන කතාවේ, අන්ගුලිමාල පිරිත කියලා ළමයා පහසුවෙන් හම්බුණාට පස්සේ, ඒ ගෑණු කෙනා බුදුහාමුදුරුවෝ ගෙන්නලා දානයක් දෙනවා නේ...

ඒ වෙලාවේ ඒ ළමයා බුදුන්ට දානේ පූජා කරනවා දැකලා ඒ අම්මට අවුරුදු ගානක් විදපු විලි රුදාව අමතක උනා ලු.

ඒක තේරුම් අරගෙන බුදුහාමුදුරුවෝ ඈහුවලු තවත් ලමයෙක් හදන්න හිතුණා ද කියලා...
එතකොට ඒ ගෑණු කෙනා කියනවා එක ළමයෙකුට තව දාහක් හදන්න හිතෙනවා කියලා.

බුදුහාමුදුරුවො ඒ වෙලේ ගාථාවක් කියනවා,

"ප්‍රිය දේ අප්ප්‍රිය ලෙසිනුත්, අප්ප්‍රිය දේ ප්‍රිය ලෙසිනුත් ඈවිත් තියෙනවා, නුවණ තියෙන කෙනා ප්‍රිය දේ ප්‍රිය ලෙසත්, අප්‍රිය දේ අප්ප්‍රිය ලෙසත් දකිනවා"

කියලා.

ඒ ගාථාව ඈහුවට පස්සෙ ඒ ගෑනු කෙනා කියනවා ආයෙ නම් මේ සන්සාරෙ ළමයි හදන්නෙ නෑ කියලා...

December 24, 2008 3:19 AM  
Anonymous Anonymous said...

Jst stumbled upon this.....commenting without knowing much background about Sam.

Sam, your comment “At least it disrespected the unconditional immunity religion demand all the time, regardless of their actions.” Sounds like very Richard Dawkinish. (http://en.wikipedia.org/wiki/Richard_Dawkin) In fact, he uses the same term his “God Delusion” several times. Wondering if you are a Dawkin fan like myself. Anyway, you do nothave to acknowlege that even if it is the case. Not knowing who Dawkin is, the people who attack you for being a Western agent (I will be suprised if people do not attack you with that sterotype). For the record..Dawkin is a evelutionary biologist who has dedicated his life for fighting aginst "God delusion" and the uncoditional immunity relegion demands in all forums, including governance.

December 24, 2008 9:47 AM  
Anonymous cialis said...

Interesting article, added his blog to Favorites

November 24, 2010 10:03 AM  

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home