04 August, 2008

මේ වෙබ් පිටුවට ඇතුලුවීම සිංහල බෞධ්දයන්ට තහනම්. (අණපරිදී : මහින්ද රාජපක්ෂ)

මේ දවස්වල ගජරාමෙට වැඩ. අනිත් බ්ලොග් වලට සැරින් සැරේ හොට ඔබනවා මිසක්කා, වෙලාවක් නැහැ කිසිම දෙයක් කුරුටු ගාන්න. ඒ කොයී වුනත් මේ ගැනනම් කිසිම දෙයක් කුරුටු නොගා ඉන්න බැහැ.

ඔන්න ඉතින් මහින්ද ගොයීයා ඉන්ටර්නෙට් එකේ අසැබියැයී කියන එවාට කඩුලු හදන්න කමිටුවක් පත් කොරලා. අපි ආන්ඩුවෙන් ගොඩක් දේවල් ඉල්ලුවා තමයී. ජීවන වියදම අඩු කොරනැයී කීවා, දූශනය නැති කොරන්නැයී කීවා. ඒ වුනාට මම දන්න තරමට කවුරුවත් "අසැබිදේට" කඩුලු දාන්නයැයී ඉල්ලා හිටියේ නැහැ.

සුද්දා කාලයක් තිස්සේ මුලු ලෝකෙම තමන්ගේ ආගමට හරවාගන්න දඟ දැම්මා. වැඩිපුරම දඟ දැම්මේ ඇමෙරිකාවෙ උන්දෙලා. (පස්සේ පස්සේ ඔය කෙරුවාව අලුතෙන් සල්ලි හොයාගත්ත අරබිය, ඉරානය වගේ රටවලුත් කොරන්න පටන්ගත්තා තමයී) කොහොම උනත් වැඩේ හරියට හරි ගියේ නැහැ. උන්දෙලා පටන් ගත්තා අලුත් වැඩක්. මිනිස්සු අබෞධ්ද කොරනවා වෙනුවට බුද්ධ ධර්මය, සංස්කෘතිය, අබෞධද කොරන්න. රටේ නීතී රීතී අබෞධ්ද කොරන්න. උන්දෙලාගෙ ගුණධර්ම අපිට පුරුදු කොරන්න. හිමින් වැඩේ වෙන තරමට හොදයී. කාටවත් දැනෙන්නේ නැහැ. වැඩේ කිරි ගහට ඇන්නා වගේ හරී.

ඕල්කොට් ගොයීයා තමයී පලවෙනීයා. (උන්දැගේ Theosophical සමාජයේ දර්ශනය තමයී හිට්ලර් ගොය්යත් පාව්ච්චි කෙරුවෙ) උන්දෑ ඉස්සෙලාම බෞධද කොඩියක් කියලා මලදානයක් හැදුවා. බුදධ ධර්මය කියන්නේ ලක්සෙට කොඩිදාන කෙරුවාවක්වත්, කොඩිදාගෙන කල්ලි ගැහෙන කෙරුවාවක්වත්, ලෝකෙට පේන්න කොඩි දාන කෙරුවාවකුත් නෙමෙයී. බුදධ ධර්මයෙයී අනෙක් සමහර ආගම් වලයී ප්‍රදාන වෙනසත් ඒකයී. ඊලගට උන්දැ පුරුදු කොරා කාඩ් යවන්න, කැරොල් කියන්න, පන්දන් පත්තු කොරන්න... පන්සල් වල ගන්ටාර හයී කොරන්න… කොටින්ම කියනවානම් ක්‍රිස්තියානි ආගමේ දුරු තුනපහ මල්ල ගෙනල්ලා හැලුවා ලංකාවේ බුදධ ධර්මය ඇතුලට. දැන් අපිත් කොඩි දාගෙන, කාඩ් තැපැල් කොරනවා.

ඊලගට පටන්ගත්තා බෞධද ඉස්කෝල කියලා කෙරුවාවක්. ආගමික පාසල් වලින් ආගමික කල්ලි හදන එක බුදධ ධර්මයට අදාල දෙයක් නෙමෙයී. මමත් ඉස්කෝලෙ යනකම් අවුරුදු 12ක්ම ගුටිකන බයට දවසට දෙවතාවක් ගාථා කීවා. හරියට කීවෙ නැතෙයී කියල ගුටිත් කෑව. ඒ මදිවට, පල්ලියෙන් කොපි කරල ඉරිදා ඉස්කෝලෙකුත් පටන් ගත්තා. කවි පාඩම් නැත්තම් ගුටි කෙලියයී. හරියට පකිස්තානේ පල්ලියෙ ඉස්කෝලෙ වගේ. මම මේ කියන්න හදන්නේ, උන්දැ කතෝලික ආගමෙ ඔක්කොම කෙරුවාවල් ගෙනල්ලා බුද්ධ ධර්මයට පන්ගාත්තු කොරල, බුදධ ධර්මය, බුද්ධාගම කොරපු බවයී. පලවෙනි පියවර සාර්තකයී. දැන් අපී බුද්ධ ධර්මය පිලිපදිනවා වෙනුවට, බුද්දාගම අදහනවා.

ඊලග කෙරුවාව තමයී බුද්ධගමට අලුතෙන් ගුණධර්ම හදුන්වලා දෙන එක. පටන් ගත්තා ඇදුමෙන්. ගෑනු ලමයී බයීබලේ දොඩලා තියෙන විදිහට අදින්න ඕනේ, කලිසම් ඇදීම නරකයී. මොකැයී, බයීබලෙ දොඩලා තියනවා ගෑනු පිරිමි ඇදුම් අදින එකයී, පිරිමි ගෑනු ඇදුම් අදින එකයී අපායෙ යන කෙරුවාවක්යැයී කියලා. ඉතින් පන්සල් වදින්න යනවනම් බවලත් උදවිය ගවුමක් හරි සාරියක් හරි අදින්න ඕනේ. මමත් ඉතින් කාලෙකට ඉස්සෙලා කැප්පිටිපොල වගේ කොන්ඩෙයී දැලි රැවුලයී වවාගෙන ගියා පිරිවෙනට ලොකූ උන්නාස්සෙ හමු වෙන්න. උන්දැ, "මොකොයී මේ ගෑනු ලමයී වගේ කොන්ඩෙ වවාගෙන" කියලා දාපි උලක්කුවක්. මට ඉතින් ඕව අහලම පුරුදු නිසා ගානක් නැහැ. ඒ වුනාට කාරනාව තමයී, අපිත් දැන් බයීබලේ තියන විදිහට කොන්ඩෙ කොටට කපන්න ඕනේ. නැත්තම් ඉතින් සිංහල බෞධද සමාජෙන් අපහාසේ.

කසාද නොබැද කෙල්ලෙක් කොල්ලෙක් එක්ක ඉන්නවා කියන්නේ ලෝකෙ හූලන්නෙ නැති වරදක්. ඔය ලගකදී පත්තරේ හෙඩිමක් තිබුනෙ "අනර්කෙලීට තහනම් ගසේ ගෙඩි තිත්ත වෙයී" කියලා. ගස තහනම් වීම සහ ගෙඩි කෑම නරක් වීම කතෝලික අදහස් මිස, බෞධද රටක තිබිය හැකී කාරනා නෙවෙයී. දැන් ඉතින් හොද සිංහල බෞධදයෙක් කියන්නේ, බයීබලේ තියන විදිහට ඇදුම් ඇදලා, කොන්ඩෙ කපලා, කසාද බැදල, ලමයීට තලලා ජීවත් වෙන උදවිය. ලමයීට තලලා හදන හැටි විතරක් නෙමෙයී, හවස දෙකෙන් පස්සෙ කාන්තාවන්ට රස්සා කොරන එක තහනම් කොරන්න ඕනෙ කියලත් දවසක් එක උන්නාසෙ කෙනේක් බණට කීවා. ඒ විතරක් මැදැයී, බයිබලේ තියන ලෝක විනාසෙ ලග ලගදීම එනවායැයී තව උන්නාසෙ කෙනේක් කීවා. (බය ගන්වා, ආගමික කිරීම බෞධද නොවේ). කවුරු මොන බයීලාව කීවත් මේ වෙනකොට අපේ ගුණධර්ම පද්ධතිය සම්පූර්නයෙන්ම කතෝලික කොරලා ඉවරයී. ඒවා ප්‍රචලිත කොරන්න, අලුත් අලුත් දේවල් ඇතුලත් කොරන්න, දැනුවත්ව හෝ නොදැනුවත්ව සිවුරු ඇදෙගෙන ඉන්නා උදවිය කටයුතු කොරනවා.

"අසම්ජ්ජාතකයා" කියන්නේ දැන් සිංහලේ අපහාසයක්. දෙමාපියන් කසාද නොබැදීම බෞධද රටක අපහසයක් වෙන්නට බැහැ. කාමය සහ බැදුනු දේ දැන් "අසැබ්යී". සිංහලයා හෝ, බෞධද ධර්මය කාමය අසැබ් දෙයක් ලෙස සැලකුවෙ නැහැ. කාමය නැත්තම් සාසනයට ලමයී කොයී? කාමය අසැබි දෙයක්යැයී අපේ ගුණධර්ම පද්දතියට ඇතුලත් කලේ, කතෝලික පද්දතියෙන්.

ඇමරිකාවෙ කතෝලිකයෝ සමලිංගිකයන්ව හම ගහන්නේ නැතිටික විතරයී. ඒ උදවියට ඒරටේ ව්‍යවස්ථාව නිසා කිසිම දෙයක් කොරගන්න බැරිවෙනකොට, අපේ රටවලට ඇවිල්ල අලුතින් නීතී පනවන්න වැඩ කොරනවා. අපිත් සාදු සාදු කියලා උන්දැලාගේ දේවල පිලි ගන්නවා. අලුතින් නීතී සම්මත කොරනවා. පීරිස් ගොයීයා, පාප් වහන්සේට ඕන විදිහට ලංකාවේ නීතී ඕක්කොම වෙනස් කොරා. කොටින්ම කියනවානම් දැන් කතෝලික, ඉස්ලාම් ආගමේ වගේ, අපිත් පෝයට ආගමික නීතී පනවනවා. නීතී රීතී දාලා, මිනිස්සුන්ව හදන්න පුලුවන්නම්, සිද්දාර්ථ කුමාරයත් බුදු කම පසක තබා, සක්විති රජ වෙලා ශරියා නීතිය වගේ නීතී හදන්න තිබුනා නොවෑයී.

තවමත් අරාබිය, ඉරානය සහ ඇමරිකානු පල්ලි (Mormons, Evangelicals, etc...) ඒ අයගේ ආගමික ධර්මතා ලෝකය පුරා ප්‍රචලිත කොරන්න විසාල මුදල් සම්බාරයක් වියදම් කොරනවා. ඇමරිකාවේ (සහ යුරෝපයේත් ) වැඩිහිටියන්ට පමනක් තියෙන කාමය සහ බැදුනු දේ, "අසැබි" යැයී ලේබල ගහන්න විශාල වැර වෑයමක් දරනවා. තහනම් කිරීමට විශාල උත්සහයක් ගන්නවා. ජෝජ් බුශ් ගොයීයා තමයී War On Porn වැඩසටහන පටන් ගත්තෙ. ඕන් ඕකෙ ප්‍රතිපල තමයී දැන් අපේ රටේත් මතුවේගනෙ එන්නේ. අපිත් ඉතින් සාදු සාදූ කියලා උන්දෙලා කොරන දේවල් අපේ දේවල් අපේ ජාතික චින්තනයයැයී කියලා බාර ගන්නවා.

අන්තර්ජාලය කියන්නේ මනුශ්‍ය ඉතිහාසයේ පලවෙනි වතාවට ලෝකයේ ඕනෑම පුද්ගලයෙකුට වේගයෙන්, පහසුවෙන්, නිදහසෙ අදහස් ප්‍රකාශකරන්න ලැබුනු අවස්තාව. සී ක්ලාක් මහත්තයා කියාපු විදිහට මනුශ්‍ය ශිෂ්ටාචාරයේ, දෙවෙනි පියවරේ ආරම්බයෙන් කොටසක්. ඕකෙන් වැඩි හරියක් පහර වැදුනේ ආගම් වලට. උන්දෙලා ඉතින් පුලුවන් හැම විදිහට අන්තර්ජාලය මොට කරන්න දඟ දානවා.

ඔය උදවියගෙ ප්‍රදාන කතාවක් තමයී, ලමයී, වැඩිහිටියන්ට පමනක් තියෙන වෙබ් පිටුවලට යනවාලූ. හොද තර්කයක්. ඒ වුනාට ඒක වලක්වාගන්න රජ්‍ය නීතී නැතිව යස අගේට දෙමව්පියන්ට පුලුවන්. පරිගනකය ගෙදර සාලෙන් තියන්න. Content Adviser පනගන්වන්න. තවත් ඕනෙනම්, පරිගනකයට දාගන්න ඕන තරම් content watch සහ parental controls වැඩසටහන් තියනවා. ආන්ඩුව අනිත් වැඩ නවත්තලා ඕක කොරන්න ඕනේ නැහැ. අනේ ඕන්, අපේ ලමයී ගැන ඔච්චරම කැක්කුමක් තියනවානම්, ලමයීට යන්නත් එක්ක පාර දෙපත්තෙන් පදිකවේදීකා හැදුවෙතින් මොකෑයී. හැප්පිලා මැරෙන එක, හෙලුවෙන් ගෑනු දකීනවාට වඩා නරකයී නොවැ.

අනිත් කාරනය තමයී, ඕවා නිසා ස්ත්‍රී දූශන වැඩි වෙනවාලූ. ලස්සනට කියනවා මිසක් තහවුරු කරපු දෙයක් නෙවෙයී. ඇත්තටම කතාවෙ අනිත් පැත්ත. පහුගිය අවුරුදු පහේ, ඇමරිකාවෙ හොදටම අන්තාර්ජාල පහසුකම් තියන ප්‍රාන්ත සහ නගර වල ලිංගික අපරාද විශාල වශයෙන් අඩුවෙලා තියනවා. පහසුවෙන් කාම රූප බලන්න, අනිත් උදවිය සමග කතා බහ කොරන්න තියෙන අවස්තාව නිසා එහෙම වුනු බවයී සිහි බුද්දිය ඇති අය කියන්නේ. යාච්ඤා කිරීමේ ප්‍රතිපලයක් බවයී අනිත් උදවිය කියන්නේ.

කොහොම උන්ත් මේ සියල්ලගේම යටි අරමුන තමයී, අන්තාර්ජාලය පාලනය කිරීමයී, කතෝලික ගුණධර්ම හැකි පමණ අපේදේ ලෙස වගා කිරීමයී. මටනම් ඉතින් ඕවාට සාදූ සාදූ කියන්න බැහැ. තව ඉස්සරහට තමයී හොද හොද දේවල් බලාගන පුලුවන් වෙන්නේ.

11 Comments:

Anonymous Anonymous said...

කාමයේ වරදවා හැසිරෙන්න එපා කියල නම් බුද්ධාගමේ තියනව. ඒ උනාට අසැබි පින්තූර බලන එක ඒකට අයිති නෑ නොවැ. (එහෙම උනොත් මල කෙළියයි.)

ළමයින්ට බලන්න දෙන්නෙ නැති එකනම් හොඳයි මොකද උන්ට කාමයේ නිවැරදිව හැසිරෙන්න දන්නෙ නෑනෙ. වැඩේ තියෙන්නෙ දෙමවුපියො කොම්පුටර් දන්නෙ නෑනෙ මේව නවත්වන්න.

කොහොමත් මේ වැඩේ නමි හරි යන්නෙ නෑ.

August 05, 2008 12:25 AM  
Blogger Sam said...

කාමයේ වැරදවා හැසීරීම ගැන මට ඉගැන්නුවෙත්, මඩොල්දූවෙ උපාලිට ඉගැන්නුව ගුරුවරයාමයී. ඔය කාරනය ගැන ඔයීට ඉස්සෙල්ල මම මෙතැන ලීවා. තමන්ගේ සියලු වැඩ පසක තබා, සිරිපාල රති කෙලියේ පිනිතූර බලමින් මෝහනයට පත්වෙලා ඉන්නාවනම්, ඒ ඉතින් අනිවාර්‍යයෙන්ම කාමයේ වරදවා හැසීරීමක් තමයී. එහෙනම් ඉතින් ඒක ICTA ආයතනයට නොවෙයී, මහ ඉස්පිරිතාලෙට යන්න ඕනෙ වැඩක් :)

දෙමව්පියෝ ගොඩක් දෙවල් නොදන්නා බව සම්පූර්නෙම්ම ඇත්තයී. ඒ වුනාට දෙමව්පියෝ තමන් නොදන්නා දේ, වෙනත් උදවිය ලව්වා කරවා ගන්න දන්නවා. ඒවා ගැන දන්නා වෙනත් උදවිය අඩු නැතිව ඉන්නවා. මමනම් හිතන්නේ, ඒක සරල ප්‍රායෝගික කාරනයක් කියලායී.

August 05, 2008 12:55 AM  
Blogger Nilaksha said...

Sam,
ඔබේ ලිපියේ අග කොටස නම් පැහැදිලියි. නමුත් මුල කොටසේ ඔබ කියන්න උත්සාහ කරන දේ නම් මට තේරෙන්නේ නෑ.
ඔබ කියන්නේ බුද්ධාගම ක්‍රිස්තියානි ආගම අනුකරණය කරනවා කියලද? නැත්නම් ක්‍රිස්තියානි ආගම විසින් බුද්ධාග‍ම විනාශ කරලා කියලද?

මම නම් හිතන්නේ බුද්ධාගම කියන්නේ රාජ්‍යය, දේශපාලන, ආර්ථික, භූගෝලිය, සංස්කෘතිය කියන කාරණා වලට අවශ්‍ය පරිදි හැඩගැගෙන ආගමක් බවයි. මොකද ලංකාවේ බුද්ධාගම හෝ තවත් රටක බුද්ධාගම වෙනත් රටක බුද්ධාගමම නෙමෙයි. ඉහත කාරණා අනුව අනන්‍යතාවයන් ගොඩනඟාගෙන සංවර්ධනය වෙලා තියනවා. ඉතිං ලංකාවෙ බුද්ධාගමත් යටත්විජිත ආක්‍රමණ වලින් පසු වෙනසු වූ සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික විපර්යාසවලට අනුව හැඩගැසීම මම නං කියන්නේ හොඳයි. එහෙම නැත්නම් බුද්ධාගමට (හෝ වෙනත් කිසිම දේකට) පැවැත්මක් නැහැ‍.
අනික වෙනත් ආගමකින්, සංස්කෘතියකින් එන හොඳ දේවල් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? බුදුහාමුදුරුවොත් සමකාලීන ආගම් දර්ශන හා සංස්කෘතීන් වල තිබූ හොඳ දේවල් අගය කරලා තියනවා, ඒවා බුදුදහමට එකතු වෙලත් තියෙනවා. ඉතිං බෞද්ධ ‍කොඩිය, දහම් පාසැල්, ඝන්ඨාර (ඝන්ඨාර නම් හැබැයි ආසියානු ආභාෂයක්), භක්ති ගීත, වෙසක් කාඩි, ගුණධර්ම, ඇඳුම් පැළඳුම් කාලය (හා තාලය :D ) අනුව බෞද්ධ සංස්කෘතියට ඇතුල් වීමේ කිසිම වැරැද්දක් නෑ. මොකද ඒවායින් බුද්ධාගමේ හරයට කිසිම හානියක් නෑ. ඒ වගේම පැවැත්මත් තහවුරු වෙනවා.

(අන්තර්ජාලයේ අසභ්‍ය වෙබ් අඩවි වාරණය ගැන නම් මගේ දීර්ඝ පැහැදිලි කිරීමක් තියනවා. ඒ ගැන බ්ලොග් සටහනක් ලියමිනුයි ඉන්නේ) කොහොම උනත් මෙම වාරණය හොඳ දෙයක් වන නමුත් රජය එය කරන්න යන විදිය නම් සාර්ථක වෙන්නේ නෑ. මගේ අදහස නම් ඔය නීතිය පැනවිය යුත්තේ, "සියළුම අන්තර්ජාල සේවා සපයන්නන් තමන්ගේ පාරිභෝගිකයින්ට Parental Control/Content Adviser මෘදුකාංගයක් නොමිලේ සැපයිය යුතුයි" කියායි. එතකොට අවශ්‍ය අය අවශ්‍ය දේ කරගනියි.

කතෝලික ගුණධර්ම හොඳ දේවල් නම් බුද්ධාගමටත්, බෞද්ධ ගුණධර්ම හොඳයි නම් කතෝලික ආගමටත් ඇතුලු කරගැනීමේ වැරැද්ද මොකක්ද?

August 05, 2008 5:27 AM  
Anonymous Anonymous said...

Very well written, very well said. I'm also a critic of the way Buddhism is used by modern day monks to drive their own personal agendas. I wonder if we can make an impact by writiting these things nowadays, because people are so blind and completely misled.

However, I have written my own thoughts on the matter here if you would like to read.

August 05, 2008 8:24 AM  
Anonymous Anonymous said...

very good article

August 05, 2008 1:41 PM  
Anonymous Anonymous said...

Palamuwenma kiyanna one mama katholikayek nemei. Mata nam penne oba amuma amu anthawadiyek kiyala. Americawa catholic kiyana eka mama danna tharamin weradi. Mama ahala thiyena widihata Americawe bahutharaya Anglican Cristhiyani inne. Mama hoyala baluwa widihata Catholic and Anglican, Methodist etc, kiyanne godak wenas, Ea nisa api Buddhist wechchi paliyata anith agam ochchara pahath widihata salakana eka hari ne neda. Mamath me anduwe gon weda walata kohethma ekanga ne, Namuth mama kiyanne nokan boruwta anith agam mekata patawalnna epa, Samanyen lankawe bahutharayak Bouddayo saha Catholikayo samagiyen innwa. Amathaka karanna epa Catholica bahutharayath sinhalayo bawa. Oya athara siyalu prashna athi karanne kohen hari ratakin meheta awilla salli wenuwen ato gena minissunwa agamta haroganna mooladarmawadiyo. Ea hema deyakma yanne Catholicayange acount ekata, mokada goda dena Catholica saha Christhiyani athara wenasa danne nethi nisa. Mama me tika hari danne Baudhha saha Catholica mishra parisarayaka jeewath wena nisa. ea nisa SAM katha karaddi oyita wada madyastha unoth neda honda.

August 05, 2008 3:30 PM  
Blogger Sam said...

@Nilaksha

මම කියන්නේ, අනෙකුත් ආගම් විසින් ලංකාවෙ බුද්දාගම සහ ලංකාවේ නීතී පද්දතිය ඔවුනෙගේ ගුණ දර්ම වලට අදාලව වෙනස් කොර ඇති බවයී.

බුද්ධ ධර්මය ආගමක් නොවෙන අතර, බුද්ධ ධර්මයේ හැඩ ගැසෙන්න කිසිම දෙයක් නැහැ. මොකද බුද්ධ ධර්මය (අපි කවුරුත් කියන විදිහට බුද්දාගම ) නීතී පනවා මිනිසුන් පාලනය කීරීමේ ක්රමයක් නොවෙයී. ඕනෑම පුද්ගලයෙකුට ඕනැම හොද දෙයක් ඕනෑම ආගමකින් ලබා ගැනීමේ සම්පූර්න ඉඩ කඩ බුද්දාගමේ තියනවා විතරක් නොවෙයී, අනිත් ආගම් වලට ආදාර උපකාර කරන්න කීයා පවා බුද්දාගමේ තියනවා. ඒකේ කිසිම වැරදක් නැහැ. ලංකාවෙ ඒ සදහා උපරිම නිදහස තියනවා. එය එසේ තිබිය යුතුයී.

පුරස්නේ, අනිත් ආගම් වල තියන ගුණදර්ම වලට අදාල නොවන දේ කරන්නට දැන් නිදහස තියනවාද කියන එකයී?

උදාහරනයක් විදිහට, බයීබලේ තියනා ආකරයට කාන්තාවන් කලිසම් නොඇද හිටියාට කමක් නැහැ. පිරිමි කොන්ඩෙ කොටට කැපුවාට කමක් නැහැ. එසේ නොකර ඉන්න දැන් බෞධද සමජයේ තිබුන නිදහස කොයී? සමලිංගිකයන් හිරේ යන්නේ ඇයී? මම මේ කියන්නේ එක එක කාරනය කාරනය ගැන නෙවෙයී. සුලු සුලු කාරනා නැතිවීම, වෙනස්වීම ස්බාවිකයී. මම කියන්නේ, බුද්දාගමේ තිබෙන නිදහස නැතීවීම (කිරීම)ගැනයී.

// ....මොකද ඒවායින් බුද්ධාගමේ හරයට කිසිම හානියක් නෑ//
බුද්ධ ධර්මය, බුද්දාගම කිරීමේ හානිය තමයී දැන් අපිට පෙනෙන්නේ. දැන් අපි ඉදිරි පියවරට ගිහිල්ල බෞධද ගුණධර්ම වෙනුවෙන් නීතී පනවනවා. අනිත් ආගම් වල වගේ අපිත් නීතී රීතී දාලා මිනිස්සුන්ගේ ගුණ දර්ම පාලනය කොරන්න යන්නවා. ඊට වඩා වෙන හානියක් බුද්දාගමට වෙන්න නැහැ.

//කතෝලික ගුණධර්ම හොඳ දේවල් නම් බුද්ධාගමටත්, බෞද්ධ ගුණධර්ම හොඳයි නම් කතෝලික ආගමටත් ඇතුලු කරගැනීමේ වැරැද්ද මොකක්ද?//
කතෝලික නොවෙන ගුණ දර්මත් අපි ඇතුලු කරගත්තෝතින් කොහොමද? උදාහරනයක් විදිහට, බයීබලේ තියන විදිහට සමලිංගිකයන් හිරේ නොදා හිටියෝතින් කොහොමද?

August 05, 2008 6:43 PM  
Blogger Sam said...

@ last Anon.
ඔන්න මම ucsc.cmb.ac.lk පාවිච්චි කොරල, කීයාපු දේ සිංහලෙන්ම ලීවා.

=================
පලමුව කියන්න ඔනෙ මම කතොලිකයෙක් නෙමේ. මට නම් පෙන්නෙ ඔබ අමුම අමු අන්තවදියෙක් කියල. ඇමෙරිකාව කතොලික් කියන එක මම දන්න තරමින් වැරදි. මම අහල තියෙන විඩිහට ඇමෙරිකවෙ බහුතරය ඇන්ග්ලිකන් ක්රිස්තියනි ඉන්නෙ. මම හොයල බලුව විඩිහට කතොලිc අන්ඩ් ඇන්ග්ලිකන්, මෙතොදිස්ට් යනාදිය, කියන්නෙ ගොඩක් වෙනස්, ඒ නිසා අපි බෞධ්ද වෙච්චි පලියට අනිත් අගම් ඔච්චර පහත් විදිහට සලකන එක හරි නැහැ. මමත් මෙ අන්ඩුවෙ ගොන් වැඩ වලට කොහෙත්ම එකග නැහැ, නමුත් මම කියන්නෙ නිකන් බොරුව්ට අනිත් අගම් මෙකට පටවල්න්න එපා. සාමයයෙන් ලංකාවෙ බහුතරයක් බෞද්දයො සහ කතොලිකයො සමගියෙන් ඉන්න්ව. අමතක කරන්න එප කතොලික බහුතරයත් සින්හලයො බව. ඔය අතර සියලු ප්රශ්න අති කරන්නෙ කොහෙන් හරි රටකින් මෙහෙට අවිල්ල සල්ලි වෙනුවෙන් අටො ගෙන මිනිස්සුන්ව අගම්ට හරොගන්න මුලදර්මවදියො. හැම දෙයක්ම යන්නෙ කතොලිකයන්ගෙ ගිනුමට, මොකද වැඩි දෙනා කතොලික සහ ක්රිස්තියනි අතර වෙනස දන්නෙ නැති නිසා. මම මෙ ටික හරි දන්නෙ බෞද්ද සහ කතොලික මිශ්ර පරිසරයක ජීවත් වෙන නිසා. ඒ නිස SAM කතා කරද්දි ඔයිට වඩ මධ්යස්ථ උනොත් නේද හොද.//
=================

කතෝලික සහ ක්රිස්තියානි කතාව පිලිගන්නවා. මීට පෙර මම ඔය කාරනය ගැන ලියනකොට අබරම්ගේ ආගම් යන පොදු වචනය පාවිච්චි කොලේ, කතෝලික, ක්රිස්තියානි, යුදෙව්, ඉස්ලාම්, මෝමන් සහ මෙකී නොකී සියලුම ආගම් පදනමින් සමාන නිසා. සියලුම ආගම් සදහා පොදු වචනයක් පාවිච්චි කල යුතුව තිබුනු බව පිලි ගන්නවා. කොහොම උනත් ඔය අනෙත් සියලුම අගම් තමන්ගෙ ගුණ දර්මවලට පදනම ලබා ගත්තේ කතොලික දර්ශනයෙන්. ඒ නිසා කතොලික ගුණ ධර්මයැයී කීමේ වරදක් නැහැ.

// මොකද වැඩි දෙනා කතොලික සහ ක්රිස්තියනි අතර වෙනස දන්නෙ නැති නිසා.//

අබරම්ගේ ආගම් වල මහ ලොකු වෙනසක් නැහැ. කතොලික අගමට අනුව, ක්රිස්තියානි උදවිය අපායෙ යන අතර, ක්රිස්තියානි ආගමට අනුව කතෝලික උදවිය අපායේ යනවා. ඒ ආගම් දෙකටම අනුව අදේවවාදී බෞධ්දයන් අපායේ යනවා. රාජ්ය නීතී රීතී මගින් ගුණධර්ම පාලනය කොරනවා. කොහොම උනත් මම කතා කොරන්නේ බෞධ්ද උදවිය ගැන මිසක, අනේක් ආගම් ගැන නෙමෙයී.

//නමුත් මම කියන්නෙ නිකන් බොරුව්ට අනිත් අගම් මෙකට පටවල්න්න එපා. සාමයයෙන් ලංකාවෙ බහුතරයක් බෞද්දයො සහ කතොලිකයො සමගියෙන් ඉන්න්ව. අමතක කරන්න එප කතොලික බහුතරයත් සින්හලයො බව.//

කාරනය කෙලින් කරගමු ඉස්සෙලාම. සියලුම අබරන්ගේ ආගම්, අදේව වාදිකයන් දේව වාදිකයන් කීරීමට බැදිලා ඉන්නවා. සුභාරන්චිය ප්රජාරය කොරන්න බැදිලා ඉන්නවා. සමහරු කඩුවෙන් කරනවා. සමහරු මුදලින් කරනවා. සමහරු නිතියෙන් කරනවා. ඒ කාරනය හංග හංගා කොරන දෙයක් නෙවෙයී. ජාතිය සමගිය කියා, ඒක ගැන කතා නොකර ඉන්න කියන්න බැහැ. මම කියන්නේ එය සිද්ද වෙන බව පමනයී. මම විතරක් නොවෙයී, පෝප් බෙනඩික් උන්නසේ කීවෙන් ඒකමයී.

(වැරදවා වටහාගන්න එපා, තමන්ගේ ආගම ප්රචාරය කීරීම නැවැත්විය යුතුයි කියා මම කියන්නේ නැහැ. මගේ ලිපියෙ කිසිම තැනක බෞධදයැයී කියාගන්නා අයගේ වැඩ කටයුතු ගැන මම අනිත් ආගම් වලට දොස් කියලා නැහැ. අනිකුත් ආගම් නරකයැයී කියලා නැහැ.)

// ඒ නිසා අපි බෞධ්ද වෙච්චි පලියට අනිත් අගම් ඔච්චර පහත් විදිහට සලකන එක හරි නැහැ//
මහම මහ මුසාවක්. මම කිසිම ආගමක් සාපේක්ශව මේ ලිපියේදී පහත් කොර සලකා නැහැ.

// ඔය අතර සියලු ප්රශ්න අති කරන්නෙ කොහෙන් හරි රටකින් මෙහෙට අවිල්ල සල්ලි වෙනුවෙන් අටො ගෙන මිනිස්සුන්ව අගම්ට හරොගන්න මුලදර්මවදියො.//
ගැටලුව තියෙන්නේ ඇටලුවේ නොවෙයී. සල්ලිවලයී. සල්ලි කොහෙන්දැයී හොයලා බැලුවාද?
// ඒ නිස SAM කතා කරද්දි ඔයිට වඩ මධ්යස්ථ උනොත් නේද හොද.//
කොහොමද?

August 05, 2008 9:21 PM  
Anonymous Anonymous said...

මෙකේ තියෙන පොඩි කාරණා ටිකකට ඇරෙන්න සමස්ථ අදහසට මම එකගයි!

පිට රටින් එන/ දෙන කොයි දේත් අනේ වාසනාවන් තව දීපන් කියලා බාරගන්න අපේ රටේ මිනිස්සු හරි දක්ෂයි ඒ වගේම එක්කෙනෙක් මොනා හරි කිව්වම ඔව් ඔව් කියලා පිලිගන්නත් අපේ අය හරි හපන්නු ඒකේ ප්රතිඵල තමයි ඉතිං අද මේ අපි කොටු වෙලා ඉන්න ක්රමය..ඕක ගැන අපි කථා කරන්න ගියොත් ඉතිං සමාඡ විරෝධි, විප්ලවකාරී,රැඩිකල් අනම් මනං කථා ගොඩක් අහගන්න තමයි වෙන්නේ...! මේ කියලා තියෙන දේට වැරදි ක්රිස්තියාන් ආගමවත් සුද්දවත් නෙවෙයි නිකං දෙන ඔළුවෙ කැක්කුමත් හොදයි කියලා බාරගත්ත / ගන්න අපේ උන්දැලමයි..!

August 06, 2008 10:51 PM  
Blogger Sam said...

//මේ කියලා තියෙන දේට වැරදි ක්රිස්තියාන් ආගමවත් සුද්දවත් නෙවෙයි නිකං දෙන ඔළුවෙ කැක්කුමත් හොදයි කියලා බාරගත්ත / ගන්න අපේ උන්දැලමයි..!//

වැරදි වෙන කවුරුවත් නෙමෙයී, අපේ ගොයීයෝම තමයී. එකගයී.

August 07, 2008 1:09 AM  
Anonymous Anonymous said...

බෞද්ධ දර්ශනය කියලා කියන්නේ ඕනම සමාජයකට ඕනම සංස්කෘතියකට ඔඹින දර්ශනයක් ඒක කාටවත් නැහැ කියන්න බැහැ.කැමැති කෙනෙකුට අනුගමනය කරන්න පුළුවන් අකමැතිනම් ඒත් එහෙමයි.අපේ සමාජයේ මින්සුන් හරිහැටි බෞද්ධ දර්ශනය අවබෝධ කරගෙන නැහැ එමනිසයි මෙවගේ වැරදි වලට පෙළ‍ඹෙන්නේ (අසැඹි දේ නැරඹීම වැනි )නිවැරදි බෞද්ධයො ඒ දේවල් වලට පෙළබෙන්නේ නෑ ඒවා පිළිකෙව් කරනවා.එම නිසා බෞද්ධයාට ගැරහීමට කලින් නිවැරදි බෞද්ධ දර්ශනය කියාදීමයි වැඳගත් වන්නේ.

August 14, 2008 11:21 AM  

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home