24 April, 2009

ටෙලිපොන් විහිලු කතා

ශාකුන්තලගේ සටහන දැක්කම මටත් පාසල් ගිය කාලේ ආගිය කතාවක් මතක් වුනා. මේ මුලු කතාවම දුරකතන සන්වාදයක් යාලුවෙකුගෙ අප්පච්චිත් එක්ක. හැමෝම දන්නවා, පොඩ්ඩක් පොඩ්ඩ ඇත්තම් අම්බානට තද වෙනවා කියලා.

හෙලෝ.. කවුද?

- මම මම

කවුද මම?

- මම මේ තිස්ස.

තිස්සසස.. තිස්ස කවුද?

- ඇයී සමරනායක මතක නැද්ද, මම මේ තිස්සනේ..

අනේ මතකයක් නම් නැහැ. තිස්සලා ගොඩක් හිටියනේ. කොහොන්ද කතා කරන්නේ?

- මේ පොලොන්නරුවෙන්. මේ පොලොන්නරුවෙ තිස්ස. මතක නැදද, මේ මම මේ කතා කරේ, අපේ මුවා එහෙම ඔය පැත්තේ ආවද.

කවුද, මුවා!?

- අර ගිය පාර මහත්තය පොලොන්නරු ගියවෙලේ මාත් එක්ක හම්බුවුනේ. මේ අපේ මුවා. මම මේ දවස් ගානක ඉදලා අල්ලා ගන්න හදනවා, කොහේ ඉන්නවාද දන්නේ නැහැ. ඕහේවත් ආවද කියලා බලන්නයී මේ කතා කරේ.

ඇත්තටම කවුද ඔය?

- මේ තිස්ස පොලොන්නරුවේ. කාවනම් පියතිස්ස. මේ මුවාව හොයන ගනමන් කතා කරන්නේ. ඇත්තටම ඕකා ඔය පැත්තටවත් ආවද.!?

@#$@#$$#$#$% මේ අයීත් එහෙම කතා කරන්න එපා..

වටේ ඉන්න අයට බඩ පැලෙන්න හිනා. අන්කල්ට නහුතෙට තද වෙලා තමන්ටම බැන බැනා ගිහිල්ල අයීත් ලංකාදීපෙ බලන්න ගත්තලු ඉස්තෝප්පුවේ ලොකු පුටුවෙ වාඩි වෙලා. කොලුකාලේ අපිටත් සීමාවක් නැහැනේ. ආයීත් විනාඩි දහයකට පහලවකට පස්සේ, තව එකෙක් අන්කල්ට කෝල් එකක් අරගන, බොහොම සුමුහිරි කටහඩකින් අහනවා

හලෝ..

- හලේ.. කවුද..?

මම මේ මුවා කතා කරන්නේ. තිස්ස මට පනිවිඩයක් තිබ්බාද..?

5 Comments:

Blogger Narada said...

ඔය වගේ වැඩක් අපි කොරා සීතා කියලා කියලා කෙනෙක් එක්ක සෙට් වෙච්චි. රාම විදිහට කොරේ.

April 28, 2009 12:50 AM  
Blogger ශාකුන්තල | Shaakunthala said...

රොෆලේ රොෆල්! :D :D :D පට්ට සීන් එක. ඔහොම ආතල් වැඩ ගොඩයි..

කවුරු හරි ඔය තිස්ස-මුවා සෙල්ලම ඩයලොග් ටෙලිකොම් පාරිභෝගික සේවාවත් එක්කත් කරල තිබුණ. ඒකෙ ජනප්‍රිය audio clip එක තාමත් මං ගාව තියෙනව. අනේ පව් අර අසරණ ගෑනු ළමයා...

April 28, 2009 2:04 AM  
Anonymous Anonymous said...

කාවනම් පියතිස්ස --> දේවානම් පියතිස්ස
වෙන්න ඕන නේද?
තරහගන්ට කාරී නෑ. මම නිකං දැක්ක හින්දයි පෙන්නුවේ :)

May 02, 2009 12:01 PM  
Blogger Sam said...

Anon.. true..thanks :)

May 03, 2009 9:59 PM  
Blogger Supun Sudaraka said...

බිපෙසි! :D

May 21, 2010 5:04 PM  

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home