19 January, 2010

රාජපක්ෂගේ විස්කම්

මේක පහුගිය වන්ගියෙ ඉන්ගිරිසියෙන් ලියාපු අටුවාක්. මේ දවස් වල රාජපක්ෂ කාන්ඩේ එකපැත්තකයී, චන්ද්‍රිකා බන්ඩාරණායක කාන්ඩෙ එකපැත්තකයී ඉදගෙන මහා චන්ද සටනක් කොරන නිසා, අලුතෙන් සිංහලේන් ලීව්වෝතින් පංකාදුයී කියලා හිතුනා. හුගක් දෙනා මහින්ද රාජපක්ෂ උන්නැහැගේ කල කිරියාව හැකියාව ගැන හගිස්සනවානේ. ඒ නිසා උන්නැහැගේ හැකියාවන් පිලිබද ලයීස්තුවක් තමයී මෙතන තියෙන්නේ.
  • සිංහලේ වීර රජවරු වැලි මිරීකා වතුර ගත්තායැයී පඩිවරු කියනවා. හැබැයී වතුර මිරිකලා වැලි ගන්න පුලුවන් එකම රජ්ජුරුවො මහින්ද රාජපක්ෂයී.

  • නයාට ගහල පොල්ල වරද්ද ගන්න එපායැයී මනුස්ස ලෝකෙ කතාවක් තියෙනවා. මහින්ද රාජපක්ෂට ගහලා දලේ වරද්ද ගන්න එපෑයෑයී නාග ලෝකේ කතාවක් තියෙනෙවා.

  • මහින්ද රාජපක්ෂ කන්නාඩියක් දිහා බැලුවෝතින් කන්නාඩිය දෙකට පැලෙනවා. මොකැයී රාජපක්ෂයී රාජපක්ෂයී මැදට එන්න කන්නාඩියත් බයයී.

  • ජයසූරියට යාර හතලිහක් දුරට පන්දුව යවන්න ඇහැකීයී. මහින්ද රාජපක්ෂට ජයසූරියව ඊටත් එහාට යවන්න ඇහැකීයී.

  • මහින්ද රාජපක්ෂ ඕහේගෙ ගෙදර තියෙන තැන දන්නේ නැහැ. දන්නේ ඔහේගේ මලගෙදර තියන තැන විතරයී

  • මහින්ද රාජපක්ෂ දැක්කහම වෙඩි උන්ඩත් හැන්ගෙනවා.

  • මහින්ද රාජපක්ෂගේ නම වැරදියට ගූගල් වල ලීවොතින්, ගූගල් තවදුරටත් "Did you mean Rajapaksa?" කියලා අහන්නේ නැහැ. "දුවපන්.. දුවපන්.. පණ බේරාගන්න දුවපන්" කියාලයී කියන්නේ.

  • මහින්ද රාජපක්ෂට තනි කුරුල්ලෙකුගෙන් ගල් දෙකක්ම මරා ගත ඇහැකී.

  • මහින්ද රාජපක්ෂ විනාඩි දෝලහයී තප්පර විස්සකින් සිරස රන් දෙපය බලලා ඉවර කරනවා.

  • ලයීසෝල් වලට විෂබීජ සීයට අනූ නමයී දසම අනූනමයක් විනාශ කොරන්න ඇහැකීයී. හැබැයී මහින්ද රාජපක්ෂට සීයට සීයක් තමන් කැමතී ඕනෑම දෙයක් විනාශ කොරන්න පුලුවන්.

  • හොල්මන් හැදිලා තියෙන්නෙ, මාරයාටත් එලොවට එක්කාගෙන යන්න බැරි තරම් වේගෙන් මහින්ද රාජපක්ෂ සටනෙදී මරාපු උන්ගෙනුයී.

  • මහින්ද රාජපක්ෂගෙ මීයා පූසො දෙන්න දෙන්න අල්ලනවා.

  • බූමිතෙල් මිල වැඩි වීමට හේතුව මහින්ද රාජපක්ෂගේ හවසට හවසට බීමයැයී ඉස්කාගාර දෙපර්තුමේන්තුව කියනවා.

  • හඳ ලෝකෙට හුගක් ඈතින් ඉන්නේ මහින්ද රාජපක්ෂට බයේ පුලුවන් තරම් ඈතට ගිහිල්ල ඉන්න නිසායී. රෑට විතරක් එලියට එන්නේ දවල්ට ආවොත් මහින්ද රාජපක්ෂට අහුවෙයී කියලා බය නිසායී.

  • පිටසක්වල ජීවීන්ගේ පියාබන පීරිසි ලංකාවට ගොඩ බාන්නේ නැත්තේ, මහින්ද රාජපක්ෂගේ හැකියාවන් පිටසක්වලත් ප්‍රසිද්ද නිසායී.

  • විශ්වය දිනපතා විපර්ශනය වෙනවායැයී පන්ඩිතයන් කියන්වා. එහෙම වෙන්නේ මහින්ද රාජපක්ෂට බයෙන් විශ්වයම ඈතට දුවන නිසායී.

  • කලු පාට මහින්ද රාජපක්ෂගෙ නිර්මානයක්. කලු පාට විතරක් නොවෙයී මේ ලෝකෙ තියන ඔක්කෝම පාට හැදුවෙ මහින්ද රාජපක්ෂ, රෝස පාට ඇරුනහම. රෝස පාට හැදුවෙ රනිල් වික්‍රමසිංහ.

  • විශ්වයේ කලු කුහරයකින් ගැලවෙන්න කිසිම දේකට බැහැයී පන්ඩිතයෝ කියනවා. හබැයී මහින්ද රාජපක්ෂට කලු කුහර වලින් ගැලවෙන්න විතරක් නොවෙයී, කලු කුහර ඉදිආප්පම් වගේ රෝල් කොරලා කන්නත් පුලුවන්.

  • මහින්ද රාජපක්ෂ ගහයී කියලා බයෙන් රීරී යකා රෑමැද්දට ඒලියට බහින්නේත් නැහැ.

  • යක්කු ගස් නගින්නේ මහින්ද රාජපක්ෂට බයෙනුයී.

  • රාමයී රාවනයී මහා සටනක් කොරෝතින් දිනන්නේ මහින්ද රාජපක්ෂ.

  • මහින්ද රාජපක්ෂ පොඩ්ඩා කාලෙ කවදාවත් ඇදේ හුජ්ජ කොරලා නැහැ. රාජපක්ෂ පොඩ්ඩා රෑට බුදියනකොට මර බයෙන් ඇද හුජ්ජ කොරනවා.

  • පස්සිල් වල හයවෙනී ශික්ශා පදය මහින්ද රාජපක්ෂ තරහා ගස්සන්නේ නැතේයී යන්නයී. එසැනීන්ම පඩිසන් දෙන එකම ශික්ශා පදය හයවෙනී ශික්ශා පදයයී.

  • බයීබලේ කීයාපු හැටියට යේසුතුමා වතුර වයීන් වලට හැරෙව්වා. හැබැයී මහින්ද රාජපක්ෂට වයීන් බියර් වලට හරවන්න පුලුවන්.

  • රාමට ලංකාවට එන්න හනුමා යගදාවෙන් ගහලා මුහුද දෙබෑ කරායැයී කියනවා. හැබැයී මහින්ද රාජපක්ෂට යගදාවක් ඕනෑ නැහැ. හනුමා ඕනෙත් නැහැ. මහින්ද රාජපක්ෂට දැක්කහම බුදු අම්මෝ කියලා මුහුද දෙපැත්තට දුවනවා.

  • තුවක්කු වලින් කරන සටනකට කඩුවක් අරන් ගිහිල්ල පලක් නැහැ. මහින්ද රාජපක්ෂ එක්ක කරන සටනකට තුවක්කු අරගෙන ගිහිල්ල පලක් නැහැ.

  • ජනාශුතියේ තියනවා මහසෝනා කියලා බයානක යකෙක් ඉන්නවා කියලා. ඒ වුනාට දැන් එහෙම එකෙක් නැහැ. මොකද උගේ වලස් ඔලුව ගලවලා මහින්ද රාජපක්ෂ බූරු ඔලුවක් හයීකරා. මර්වින් සිල්වා කියලා හුරතාලේට තියාගෙන ඉන්නේ ඌව දමයී.

  • ලිප්ටන් වටරවුම ඔයීට ඉස්සෙල්ල ලිප්ටන් චතුරාශය. මහින්ද රාජපක්ෂ ගැහුව පයීන් එකක් මුලු හතර රවුම් වෙලා යන්න. දැන් තියෙන්නෙ ලිප්ටන් වටරවුම.

  • මහින්ද රාජපක්ෂ මේ බ්ලොග් අඩවිය ගැන දන්නේ නැහැ. හැබැයී දැනගත්තෝතින් මුලු ඉන්ටර්නෙට් එකම කුනු බක්කියට ඇදලා මකලා දානවා.

  • මහින්ද රාජපක්ෂට මැගී නූඩ්ල්ස් විනාඩියෙන් උයන්න පුලුවන්.

  • මහින්ද රාජපක්ෂ නිදියන්නේ ලයීට් දාලා. මොකද මහින්ද රාජපක්ෂ කලුවරට බය නිසා නොවෙයී. කලුවර මහින්ද රාජපක්ෂට බයයී.

  • මහින්ද රාජපක්ෂ දෙකේ පන්තියේදී පහ වසර ශිෂතවය සමත් වුනා.

  • මහින්ද රාජපක්ෂගේ සතුරන්ගේ ලයීස්තුව "වදවී ගිය සතුන්" යටතේ කටු ගෙයී තියෙනවා.

  • මෝහිනීට වතාවක් තිස්ස වැව ලඟදී මහින්ද රාජපක්ෂ මුන ගැහුනා. එතනම ලේ වමනේ කොරලා මෝහිනි මලා.

  • වතාවක් මහින්ද රාජපක්ෂයී ගමනක් යනකොට වලස්සු දෙන්නක් ඉස්සරහට ආව. එක වලහෙක් හනි හනිකට ගහකට නැගලා බේරුනා. අනිත් වලහා මැරුනා වාගේ බිම බුදියගෙන බේරුනා.

  • මහින්ද රාජපක්ශගේ වෘශණ කෝශ වල මයීල් ගස් නැහැ. මොකැයී යකඩ වල මයීල් වැවෙනවයැ.

  • මහින්ද රාජපක්ශට වතාවක් තමා වැරද්දක් කොලායැයී හිතුනා. මහින්ද රාජපක්ශට වැරදුනු එකම වතාව ඒකයී.



15 January, 2010

අයෙත් සිංහල යුනිකෝඩ් කතාවක්. මලදානේ කවදා ඉවර වෙයීද මන්දා.

මෙදා මුරේ අකිල දක්ශින මලයා සිංහල යුනිකොඩ් ගැන අටුවාක් මෙතන ලියලා තිබුනා. ඉඩක් තියනවානම් ගිහිල්ල බැලුවානම් හොදයී. මාත් ඉතින් අටුවාවට ටීකාවක් ලීවා. සීනි තියෙන තැනට කූබි එනවා වාගේ යූනිකෝඩ් තියෙනා තැනට අනිවාර්‍යයෙන්ම ඩොනල්ඩ් උන්දෑ එනවානේ. ඩොනල්ඩ් උන්දෑ ගැන දන්නේ නැති අයට මේ කීයන්නේ, ඩොනල්ඩ් උන්දෑයී සිංහල යුනිකෝඩ් සමූහයයී කියන්නේ හරියට රාමයී රාවනයී වගේ. ඉන්දියාවයී පකිස්තානෙයී වගේයී. නයයී මුගටියයී වාගෙයී. එක්කෙනෙක්වත් අත අරින්නේ නැහැ.

සිංහල යුනිකෝඩ් කාන්ඩේ හදාපු යුනිකෝඩ් එකෙන් තමයී මමත් ලියන්නේ. අනේ වාසනාවන්. ලියන්න කියන්න අපූරුයී. හැබැයී පුරශ්ණ නැතිව නොවෙයී. ඔක්කොටම ඉස්සෙල්ලා තියන පුරස්න මක්කැයී කියලා විස්තර කරලා ඉමුකො. මම අපේ පොඩ්ඩාගෙන් ඇහුවා, පොඩ්ඩෝ කියාපිය බලන්න "පොඩ්ඩා" කියන වචනෙට අකුරු කීයද කියලා. පොඩ්ඩා ගත්කටටම "තුනායී" කියාගෙන පොල්ලත් අරගෙන දිව්වා බැද්දට. මම කොම්පුටරෙට දාල [alert('පොඩ්ඩා'.length)] ඇහුවා කියාපිය බලන්න අකුරු කියද කියලා. කොම්පියුටරේ කියාපි හයයී කියලා. මේක හරිම මගුලයීනේ. එකම වචනෙට අකුරු හයකුයී තුනකුයී තියෙන්න බැහැනේ. ඔන්න ඉතින් කොම්පියුටර් ගැහීම පිලිබද වැඩි තේරුමක් නැති උන්දෙලා කියන්න පුලුවන්, අනේ අකුරු කීයක් උනත් අපිට මක්කටෙයී, අපි මේ යස අගේට ලියන්නෙයැයී කියන්නේයැයී කියලා. යුනිකෝඩ් අකුරු තියෙන්නෙ පෝස්ටර් අදින්න විතරක් නොවෙයීනේ. පරිගණක වැඩසටහන්, දත්ත ගබඩා වලත් ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුලුවන් කමක් තියෙන්න ඕනේ.

උදාහරනයක් විදිහට අපේ ගුවන් තොටුපොලේ ආගමන විගමන පත්‍රිකාවේ යස අගේට කොටු ගහල නම ලියන්න ඉඩක් තියලා තියනවා. මට මතක හැටියට ඒකෙ කොටු විස්සක් තිහක් විතර තියනවා. විස්සයී කියමුකෝ. අපි කොටුවට අකුර ගානේ කොටු විස්සට අකුරු විස්සක් ලීවොතින් ඒ අකුරු විස්ස යුනිකෝඩ් වලින් කොම්පියුටරේට දාන්න ගියහම කොම්පුයිටරේ කියාපි මෙතන අකුරු තිහක් හතලිහක් තියනවා කියලා. ඉතින් අපි කොහොමෙයී දත්ත ගබඩාවේ ඉඩ කඩ වෙන් කොරන්නේ අකුරු විස්සෙ පත්‍රිකාවට. ඔන්න ආතක් බූතක් නැතිව අකුරු දෙසීයට තුන්සීයට ඉඩ වෙන්කොරෝතින් හරි. ඒ උනාට ඔය හැම චූට්ටන් ඉඩකටම මිලක් තියනවා. වියදමක් තියෙනවා. ඇහැට පේන්නෙවත් නැති සයීල ගොඩක් එකතුවෙලා සද්දන්ත අලි හැදෙනවා වාගේ, ඔය පොඩි පොඩි වියදම් අන්තිමට මහා වියදමක් වෙනවා.

ඉංගිරිසියේ අකුරු කීපයක් එකතු කොරලා එක සද්දයක් හදනවා. සිංහලේ කෑලි කීපයක් පූට්ටු කොරලා අකුරක් හදාගත්තාට හැම සද්දෙකෙටම එක අකුරක් ගානෙ තියෙනවා. හැබැයී කොම්පියුටරෙ කෑලි අදුරන්නෙ නැහැ. ඒ නිසා අපේ යුනිකෝඩ් කාන්ඩෙ මුලු සිංහල බාසාවෙ පදනමම අමතක කරලා, ඒ හැම ඉස්පිල්ලක්ම පාපිල්ලක්ම වෙන වෙන අකුරු විදිහට ගැනපන්යැයී කියලා, ඒ ඒ අකුරු ඉංගිරිසි ක්‍රමේට එකතු කොරලා තනි සද්දයක් හදන්වා. හරියට T H O එකතුවෙලා "තෝ" හැදෙනවා වාගේ. සිංහල යුනිකෝඩ් බාසාවෙන් ත-යන්නයී ෝ-යන්නයී එකතු කරලා "තෝ" ලියනවා. (මේ මද්දහනේ සිංහලේට "ෝ" කියලා අකුරක් එකතු කරපු ජගතා කවුද?) මායා බලයකින් ඒ අකුරු දෙක තනි අකුරක් වගේ අපිට පෙන්නලා අපිව රවට්ටනවා. හැබැයී කට බොරු කීවත් දිව බොරු කියන්නෙ නැහැ කියනවානේ. මොන මායාව දැම්මත් කොම්පියුටරේ දන්නවා මෙතන තියනෙනෙ තනි අකුරක් නොවෙයී, අකුරු දෙකක්යැයී කියලා.

ඔන්න ඔතෙන්දි තමයී ඩොනල්ඩ් උන්දෑ සරමත් කැහිපොට ගහගෙන එන්නෙ චන්ඩියා වගේ. මට දැනෙන විදිහට උන්දෑගේ දර්ශනේ අපේ ඇහැට පේනෙන්නෙ අකුරක් විදිහටනම් කොම්පියුටරෙත් අකුරක් විදිහටම දකින්න ඕනේ යැයී කියලා. ඒ කියන්නේ අයන්න එක අකුරක්, ආයන්න එක අකුරක්. ඇයන්න තවත් අකුරක්. කොටින් කියනවානම් පැන්සලෙන් ලියන්න පුලුවන් හැම අකුරක්ම යුනිකොඩ් වට්ටෝරුවෙ තනි අකුරක් වෙන්න ඕනෙ. ඒ ක්‍රමය යටතේනම් අකුරු පුරශ්නෙට අලංකාරට උත්තර ලැබෙනවා. "පොඩ්ඩා" කියන වචනෙට අකුරු තුනයී. මටත් තුනයී, කොම්පියුටරේටත් තුනයී. පොඩ්ඩටත් තුනයී.

ඩොනල්ඩ් උන්දෑ ඒ ක්‍රමේ යටතේ සූත්තරයක් සකස් කොරලා පේටන්ට් අරගෙන. උන්දෑ දඟ දාන්නේ ඒක විකුනන්නයැයී කියලා කට්ටියේ ගෝරනාඩුව. සිංහල යුනිකෝඩ් අපිට ලැබුනෙ නොමිලෙ නොවේයී. හෑම දේකටම මිලක් තියෙනවා. අපි පාවිච්චි කොරන කොම්පියුටරෙ හැමදේටම පේටන්ට් තියනවා. නොමිලෙ දෙන, විවුර්ත මෘදුකාන්ග වලටත් පේටන්ට් තියෙන්වා. පේටන්ට් කියනේ රීරි යකා වගේ බයානක දෙයක් නොවෙයී.

ඊලගට යුනිකොඩ් කාන්ඩෙ කියන්නේ අනේ ඔච්චර අකුරු ගානක් දාන්න යුනිකෝඩ් වට්ටෝරුවෙ ඉඩ නැතෙයී කියලා. ඒ වුනාට සාම්ප්‍රාදායික චීන බාශාවෙ අකුරු කෙල කෝටියම ඔය අගේට යුනිකෝඩ් ඇතුලට දාගෙන තියෙන්නේ. 大 කියන්නෙ එක අකුරක්, 犬 කියන්නෙ තවත් අකුරක් 太 කියන්නෙ වෙනත් අකුරක්. බොරුනම් ඕන් දාල බලන්න alert(犬.length).

කොරියන් හන්ගුල් බාසාව හරියට අපේ බාසාව වගේමයී. 가 කියන අකුරට ㄱපාපිල්ල එකතු කරල 각 කියන අකුර ලියනවා. හැබැයී 각 කියන්නේ යුනිකෝඩෙ තනි අකුරක් [ alert('각'.length)]. අපේ යුනිකෝඩෙ වගේ අකුරු දෙකක් නෙවෙයී. ඒ මූලික අකුරට ඉස්පිලි පාපිලි එකතු කර කරා ලියන අකුරු පෝලිමම 갂간간갈..වෙන වෙන තනි අකුරු. සිංහල යුනිකෝඩේ වගේ අටවාපු රූප නොවෙයී.

සිංහල යුනිකෝඩ් කාන්ඩෙගෙ වැඩේ හොදයී. සිංහල යුනිකෝඩ් දාල අලංකාරෙට ටයිප් කොරන්න ඇහැකියී. ස්ටෙන්සිල් තහඩු කපන්න ඇහැකියී. පින්තූර උඩින් හින්දි සින්දු ලියන්න ඇහැකී. තියෙන පොඩි පොඩි කඩතොලු, ඒ කියන්නේ len(), left(), mid() වාගේ ප්‍රාතමික පරිගණක අණ වලට හරියට උත්තර දෙන විදිහට එහාට මෙහාට කොරලා හදා ගත්තෝතින් තමයී අනාගතේට ප්‍රයෝජනයක් ගන්න පුලුවන්. සංකීර්ණ පරිගණක වැඩ සටහන් වලත් පිලිවෙලක් ඇතිව පාවිච්චි කොරන්න පුලුවන්. ඒ අඩුපාඩු හදා ගන්න මහා මේරු පර්වතේ පෙරලන්න ඕනෙ නැහැ. ආඩම්බරේ පොඩ්ඩක් පැත්තකින් තියන්න තමයී ඕනෙ.

මේ පහල කොටුවෙ අකුරු තුනක් ලියන්න ඉඩ තියෙනවා. ඔන්න ඔය කොටුවෙ "පොඩ්ඩා" කියන අකුරු තුන ලියන්න පුලුවන් දවසට අපිටත් ප්‍රයෝජනයක් ගන්න පුලුවන් විදිහෙ යුනිකෝඩ් එකක් තියෙනවා.


09 January, 2010

බඩ අල්ලාගෙන හිනා වෙන්න සිංහලේ එදිනෙදා විහිලු කතන්දර.

මේ ලියන්නේ කාලයක් තිස්සේ දැකපු අහපු විහිලු කතන්දර කීපයක්. මේ වාගේ බොහෝමයක් කතා වයසත් එක්ක අමතක වෙලා ගිහිල්ලා. මතක තියන කීපයක් තමයී ලියන්නේ.

හරක් හොරා.
ඔන්න ගමක හරක් හොරෙක්ව රෑ එලිවෙනෙකම් රැකලා ඉදලා පොලොසියෙන් අල්ලගෙන. ගමක් කීවට ඔය කොලඹ ඇත්තො සුරතලේට කතා කරන කොග්ගල වගේ ගමක් නොවෙයී ඕන්. මේ ගම හැබෑම ගමක්. අක්කාගේ කොල්ල ඉස්කොලේ වැඩිපුර ලකුණු ගත්තොතින් ඌට කබර තෙල් දෙනව. ගෙදර දෙමහල්ලොම හේන් කොටන්න ගිහිල්ලා. හැඩිමහල් එකී තමයී පොඩි එවුන් තුන් හතර දෙනාම බලා ගන්නේ. වැඩිමල් එකීට වයස දහයක් දොලහක් විතර ඇති. ඒ කොහොම උනත් හැම එකාම ඉස්කෝලෙනම් යනවා. මොකැයී ඇමරිකානු ආදාර යටතෙ දෙන විස්කෝතු හම්මු වෙනවානේ. විවේකෙන් පස්සෙ බාගයක් ඉස්කෝලෙ නැහැ. වැටෙන් රිංගල ගෙදෙර ගිහිල්ල.

ඔය ගමේ තමයි මේ හරක් හොරා ඉන්නේ. උන්දෑ හරක් හොරකම් කොරගෙන ගිහිල්ල විකුනනවා එහෙම නෙවෙයී. වන්ගියෙන් වන්ගියට රෑ පානේ ගමට ඇවිල්ලා හරකගෙක් ඩැහැගෙන ගිහිල්ල මරාගෙන කනවා මාස ගනනක් තියාගෙන. කැලේ තමයී ඉන්නේ. වැඩි වයසක උන්දෙක් නොවෙයී, සාගතේට අහුවෙච්ච කලු ගැහිච්ච කැහැටු කොලු ගැටයෙක්. සරම් කඩමාල්ලක් වගේ එකක් ඇදගෙන හිටියාට ඒකට සරමක් කියන්න බැහැ. මම උන්දෑව දැක්කෙ පොලොසියෙන් අල්ලා ගත්තාට පස්සේ. මේකව අල්ලාගෙන හොදටම නෙලලා, ඇග පුරාම ලේ පාරවල් තැලුම් පාරවල්. හරක් හමක් පිට උඩ පොරෝල. හරක් වලිගයක් කටින් හපාපිය කියලා දීලා ගම හරහ උදේ පාන්දර මූට ගගහ දක්කගෙන එනවා උදේ බස් එකට හරක් වලිගෙත් කටින් එල්ලාගෙන. උන්දෑ බාගෙට මැරිලා වගේ. ඇවිද ගන්නත් බැහැ. කැලෑ ගදයී. අන්තිමට ගෙනල්ලා ඌව බස් එකේ බැටරි පෙට්ටිය ලගින් බිම ඉන්දෝල කකුල කනුවකට අල්ලලා මාන්චු දැම්මා. මමත් ඒ බස් එකෙම තමයී එදා අප්පච්චිත් එක්ක ආපහු කොලඹ එන්න කියලා ආවේ. ඌ හරක් වලිගෙත් කටින් හපාගෙන හරක් හමත් පොරවාගෙන එහෙ විසි වෙනවා මෙහේ විසි වෙනවා. ඔලුව හැප්පෙනවා, කද හැප්පෙනවා.පොලිසීයේ රාල හාමිලා දෙන්නාට එක දැකල හරිම හිනා. දෙන්න දෙන්නාගේ මූන බලාගෙන හිනාවෙනවා.

බලු නකුටා
අපේ ගෙවල් පැත්තේ අයාලෙ යන බල්ලො ගොඩයී. අරහෙ දුවනවා මේහේ දුවනවා. අනුන්ගේ වතුවලට යනවා, ජරාව කොරනවා. ඔය ගොඩේ හිටියා බලල් ඇස් තියන කෙට්ටු බැල්ලියක්. හැම මුරෙටම කොහේ හරි පැටව් තුන් හතර දෙනෙක් දානවා. අනුන්ගේ කුනු ගොඩවල් වලට ගිහිල්ල කනවා. ගෙහිමියෝ කෙලින්න එනකොට අරහෙට මෙහාට පැනලා බේරිලා දුවනවා. මගේ යාලුවෙක් දවසක් ගඩොල් බාගයක් අතේ තියාගෙන ඉන්නවා මේ බැල්ලි එනකම්. බැල්ලිත් හොරෙන් හොරෙන් වැටෙන් රිංගල ආව කුනු ගොඩ ලගට. කොල්ල එල්ලෙ බලලා ඇරිය ගඩොල් බාගෙ කෙලින්ම බල්ලාගේ කකුලට. බැල්ලිට තරු. කකුලත් උස්සාගෙන යටි ගිරියෙන් බෙරිහන්දීගෙන එක පිම්මට වැට අස්සෙන් රිංගලා පැටව් ඉන්න දිහාවට දිවේ එක හුස්මට. බල්ල නොපෙනී ගිහිල්ලත් උගේ ලතෝනිය ඇහෙනවා. මයේ යාලුවට හරිම හිනා. උන්දෑ බල්ලා දුවපු හැටි කිය කියා හිනාවෙනවා. පෙන්න පෙන්නා හිනාවෙනවා. ගඩොලෙ තරම කිය කියා හිනාවෙනවා.

කුඩු කාරයා
නුගේගොඩ කිට්ටුව අලංකාර පන්සලක් තියනවා. ඔය කිට්ටුව මමත් හිටියා කාලෙකට උඩදි. හැම පෝයටම ලව්ස්පීකරේ පිරිත්. කටින පින්කම කාලේට හැමදාම පිරිත්. බොහොම සිංහල ගමක්. දවසක් ඔය ගමට කුඩු කාරයෙක් හොරකමේ ඇවිල්ල. දන්නවානේ උන්දෙලාගේ කතාව. වැලක රෙද්දක් දාලා තියන්න බැහැ හොරකම් කොරනවා. ලිදේ බාල්දිය බොලොක්කෙ එක්ක හොරකම් කොරනවා. ගමේ උන්දෙලා මේකව අල්ලාගෙන, ඇදගෙන ඇවිල්ල පාර ලගට. ගමේ පිරිමි සරන් ඇද ඇද දුවගෙන එනවා. එකෙක් නිදාගෙන හිටපු ඇදේ ඇද පොල්ලත් ගලෝගන ඇවිල්ල. සමහරුන් කකා හිටපු ගමන් අතේ ඉදුල්. කට්ටියම වටකරගෙන මේකට ගහනවා. පොලුවලින් ගහනවා. පයීන් ගහනවා. එකෙක් ඌගේ කෙස්සෙන් අල්ලාගෙන. කට්ටිය වට වෙච්ච තරමට සමහරුන්ට ගහන්න යන්න ඉඩ නැහැ. උඩින් අත දාල ඔලුවට ගහනව. ගෑනු, ලමයී අතේ එල්ලාගෙන පාරට ඇවිල්ලා කැ ගහනවා. ඕකට ගැහුව ඇති, දැන් ඕකා මැරෙයී. එකෙක් කියනවා. හොදවැඩේ කුඩුකාර හැත්ත. තව ගෑනියෙක් කියනවා. අන්තිමට ගුටි කෙලිය ඉවර වෙනකොට කුඩු කාරයා බාගෙට මැරිලා. ඇදුම් ඉරිලා. සිහිය නැහැ. ත්‍රීවීල් මල්ලි ත්‍රීවීල් එක කරකවගෙන ඇවිල්ල බිම වැටිලා උන්න එකා ඇදලා, පිටිපස්සෙ බිමට දාලා පොලෝසියට ගෙනිච්චා. වටවෙච්ච ගමේ කට්ටිය කුඩු කාරයාට කෙලපු හැටි ගැන කිය කියා හිනාවෙනවා. ඌට ගහනකොට ඌ බෙරිහන් දුන්නු හැටි කිය කියා හිනා වෙනවා. හිනා ගොඩයී.

ගැබිනි වාට්ටුව.
මේක මම දැකපු කතාවක් නෙවෙයී. අහපු කතාවක්. ඔය කොලඹින් එපිට ඉස්පිරිතාලෙක කතාවක් තමයී. හැබැයී ඉතින් බොහොමයක් ඉස්පිරිතාලවලට පොදු කතාවක් කියලා තමයී මම හිතන්නේ. දරුවෙක් ඉපදෙනකොට ඇතිවෙන විලි රුදාව කියන්නෙ එසේ මෙසේ දෙයක් නොවෙයී. රුදාවෙ තරම කටින් කියන්න බැහැ නොවැ. ඔය කවුද කීවේ විලි රුදාවෙ තරම දැන ගන්න ඕනෙනම්, යටි තොල ඇදලා අරගෙන ඔලුවෙ අනිත් පැත්තට දාන්නයැයී කියලා. කොහොම උනත් විලිරුදාව හැදුනහම අම්මලා වේදනාවෙන් බෙරිහන් දෙනවා. කෑ ගහනවා. එතකොට තමයී ඉස්පිරිතාලෙ වින්නබු අම්මලා නර්ස් නොනලා ඇවිල්ල දරු උපතට උදව් කරන්නේ. ඉතින් ඔය අපේ ඉස්පිරිතාලෙ වින්නබු අම්මලා ඇවිල්ල, "පයීය දාන්න කකුල් පලල් කරන්න පුලුවන්නම් දැන් බෙරිහන්දෙන්නේ නැතිව තටමමපන් හුත්තීයේ" කියලා අම්මලාට දෙකයී හතරේ කුනු හරුපෙන් බනිනවා. පස්සේ වින්නබු අම්මලා, නර්ස් නෝනලා, "මේ ගෑනු අත බබාල වෙන්න හදනවා, මම ඒකීට සුද්ද සිංහලෙන් කීවෙ මෙහෙමයී, ඔය දැන් වැදුවෙ ලමය", කියලා එකිනෙකාට කිය කියා හිනා වෙනව. නියම විහුලුව.

කොටි මරපු හැටි
මේක අපි කවුරුත් දැකපු කතාවක්. ඔය පහුගිය වන්ගියේ කොටි මරපු චිත්‍රපටියක්යැයී කියපු එකක් ඉන්ටර්නෙට් එක පුරාම තිබුනානේ. ඔය එංගලන්තෙ හතරවෙන් නාලිකාවෙ ගියායැයී කියන එක. කවුරු හරි කොටි මරන්නත් එපායැ. කට්ටියක් අත පය බැදපු මිනිස්සු කාන්ඩයක් අමු හෙලුවෙන් ඇදගෙන ඇවිල්ල ඔලුවට වෙඩි තියලා මඩ වගුරක් උඩ මරනවා. අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. කවුරුත් දැකලා ඇතිනේ, හැබැයී හරියට ඇහුවොතින් අහන්න පුලුවන් කවදාවත් අහන්න නොලැබෙන විහිලු කතාවක්, කට්ටිය "බලපං බලපං අන්න අරූ හාව පැන්නා වගේ වැටිලා මැරුනේ මචන්" කියලා එකිනෙකාට හිනාවෙනවා. හරිම විහිලු වැඩක් තමයී.